Colombo Today Local News

රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමිගෙන් ශ්‍රී ලංකා රජය සමාව ගනියි

හෙළ විරුවන් 18 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සදහා මහනුවර පැවති උත්සවයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමි නාපාන පේමසිරි හිමියන්ට ආරක්ෂක අංශ වෙතින් සිදුවූ බව කියන අගෞරවය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සමාව ගන්නා බව ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

සිද්ධිය ගැන කනගාටුවට පත්වූ බවත් නොදැනුවත්කම නිසා මෙම අඩුපාඩුව  සිදුව ඇති බවත් ඒ මහතා කීවේය

මීරිගම පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහ පිරිවෙනේ අද (14 ) පැවති එම නිකායේ කාරක පාලක සංඝ සභාවේදී ඒ මහතා මේ බව කීය.
අමාත්‍යවරයා සමාව ගැනීම අගය කරන බවත් ඉදිරියට මනා හැඟීමෙන් වැඩ කරන ලෙසත් මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

Related posts

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

අනුරගේ මවට ආශිර්වාද පතන්න සෝභිත හිමි අනුරපුරයට වඩිති

Admin

දකුණෙත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

Admin

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත අද හෙටම පාර්ලිමේන්තුවට

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ වෙනස් වෙයි

Admin