Colombo Today Local News

ගේට්ටුවෙන් බැරිනම් බෝට්ටුවෙන්.. දිනේෂ් අලුත් පාරකින් පාර්ලිමේන්තුවට !!

ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ වන විට බොල්ගොඩ සිට දියවන්නා ඔය ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටින බව වෙබ් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට සතියක කාලයක් පාර්ලිමේන්තු ගේට්ටුවෙන් පැමිණීම අත්හිටුවා ඇති නිසා මෙම පියවර ගන්නා බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව සිටීමට විමල් වීරවංශ මහතා කළ ඉල්ලීම කථානායකවරයා විසින් ප්‍රතික්‌ෂේප කිරීම නිසා සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කළ දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරීමට පොලිසිය ගෙන්වුවත් ඔහු ඉවත් කිරීමට නොහැකි වීම නිසා මන්ත්‍රීවරුන් හැට තුනක වැඩි ඡන්දය මත ගුණවර්ධන මහතාට සතියක්‌ පාර්ලිමේන්තුව තහනම් කිරීමට ඊයේ (08 වැනිදා) කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.

Related posts

ලොරි චැසි බස්වලට තිත !

colombotoday

රනිල් වික්‍රමසිංහත් බන්ධනාගාර ගත වෙයිද?

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday

දෙදරු පියා ගිනි තියාගෙන ත්‍රිරෝද රථයටත් ගිනි තියලා

Admin

මෙරටදී සෑම පැය 24කටම ළමා අපචාර සිද්ධීන් 32ක්

colombotoday

කතානායකගෙන් ජනපතිට සැර පිළිතුරක්

colombotoday