Colombo Today Local News

ජනමාධ්‍ය අමාත්‍යංශය අකිලට?

ලඟදි පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනමාධ්‍ය අමාත්‍ය ධුරය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත පැවරීමට තීරණය කර ඇතැයි ‘සිරිකොත’ එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඔහුට එම අමාත්‍ය ධුරය පවරනු ලබන්නේ ඔහු දැනට දරන ඇමති ධුරයට අමතරව බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඇමති, නියෝජ්‍ය ඇමති හා ලේකම් යන තිදෙනාම වෙනස්වන බවට වරින් වර විවිධ වාර්තා පළ විය.

පසුගියදා ජාතික රූපවාහිනියේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ලේකම්ධූරයේ සිටින්නේ තවත් සුලු කාලයක් බව තමන්ට හැගී යන බවයි.

ඉන්පසු ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසා සිටියේ ජනමාධ්‍ය ඇමතිධූරය ඇතුලු ඇමතිධූර රැසක් සංශෝධනය කිරීම සඳහා තීරණය කර ඇති බවයි.

අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාද වෙනත් අමාත්‍යංශයකට පත්කරනු ඇතැයිද එම ආරංචිමාර්ග ප්‍රකාශ කර සිටියේය.

ඇමති, නියෝජ්‍ය ඇමති හා ලේකම් යන තිදෙනාම වෙනස්වන එකම අමාත්‍යංශය ජනමාධ්‍ය අමාත්‍යංශය වන අතර මීට හේතුව වී ඇත්තේ අමාත්‍යංශයේ ඇතිවූ බලඅරගලය බවද පැවසේ.

මෙම සංශෝධනයෙන් පසු ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා රජයේ මුද්‍රණාලය හැර අනෙක් සියලුම ආයතනවල සභාපතිවරුන් අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් වෙනස් කිරීමද සිදු කිරීමට නියමිත බවත් අගමැති කාර්යාල අරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

Related posts

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

colombotoday

භික්ෂු පනත ව්‍යවස්ථාවට පටහැනියි.. සම්මත කරන්න පාර්ලිමේන්තුවේ 3/2, ජනමත විචාරනයක් ඕනෑ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

colombotoday

“මාධ්‍යවේදියා මාධ්‍ය සදාචාරය කඩලා.. ගුටිකෑවේ ඒ නිසා“ – රජය නිල මතය කියයි

colombotoday

මුව ආවරණ මිල 30%කින් ඉහළට.

colombotoday

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

නාමල් එළියට… බැසිල් ඇතුළට !

colombotoday