Colombo Today Local News

සැලසුම්ගත ලෙස මගඩිය සිදුකළ හැටි හෙළිවෙයි.. කවුරුත් නොකරපු වැඩකුත් අර්ජුන් කරලා

ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සිදුවන අවස්ථාවේ එවක මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, බැදුම්කර නිකුතුව සිදුවූ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ කාර්යාලට පැමිණ ඇති බව ඒ පිළිබදව පරීක්ෂණ පවත්වන ජනපති කොමිසම හමුවේ හෙළිදරව් වී ඇත.

කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරී ආචර්ය මොහොමඩ් ෂෙයික් මොහොමඩීන් ආෂින් මහතා ප්‍රකාශ කර ඇත්තේ මීට පෙර සිටි කිසිම මහබැංකු අධිපතිවරයෙකු බැදුම්කර නිකුතුව සිදුවන අවස්ථාවේ එම කාර්යාලයට පැමිණ නැති බවයි.

මෙම බැදුම්කර වෙන්දේසිය සිදුවීමට ආසන්න කාලයේ, මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ නානායක්කාර මහතා එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට සෙනවිරත්න මහත්මිය පත්කළ බවද මොහොමඩ් ආෂින් මහතා සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත.

එසේම බැදුම්කර වෙන්දේසිය සිදුවන අවස්වේදී අර්ජුන් මහෙන්ද්‍රන් මහතා සෙනවිරත්න මහත්මියගේ නිල කාමරයට පැමිණ, වෙන්දේසියට අදාල තොරතුරු විමසා සිටියේ යැයිද මොහොමඩ් ආෂින් මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත‍

Related posts

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

colombotoday

20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

කොබෙයිගනේ – ආරච්චිකට්ටු සමූපයත් මහින්ද පිළ උඩින් දිනයි

colombotoday

ඉස්ලාම් ආගම අතහැරගිය මුස්ලිම් පිරිසක් කොළඹදී සංවිධානගත වෙයි !

colombotoday

දළදා මැඳුරට, කලවංචිකුඩි දෙව් මැඳුරට පහර දීමේ තව්හිද් ජමාත් සැලසුමක් හෙළිවේ

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවටත් පැන්න කොරෝනා නිලධාරියකු බිලි ගනී – 21ක් ලෙඩ කරයි

colombotoday