Colombo Today Local News

පාසල් සිසුන්ට පාට පාට නිල ඇඳුම්.. නිල ඇඳුමේ ආකෘතියටත් වෙනසක් !!

එක් එක් පළාත්වල පවතින දේශගුණයට ගැලපෙන පරිදි පාසල් නිල ඇඳුමේ ආකෘතිය සහ වර්ණය වෙනස් කළ යුතු බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුරුණෑගල – මලියදේව විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සිසුන්ගේ මනස නිදහස් වන ආකාරයේ ඇඳුම් සකස් විය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ පාසල් සිසු සිසුවියන් සිය සුදු පැහැති නිල ඇඳුම් කිලිටි නොකර සිටීම සඳහා බොහෝ වෙහෙසක් ගන්නා ආකාරය තමා නිරන්තරයෙන් දැක ඇති බවයි. එසේම පාසල් සිසු සිසුවියන් මෙතරම් අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබිය යුතු නැති බව ඇමතිවරයා සඳහන් කරයි.

එසේම ඇතැම් ගුරුවරියන් දරු ප්‍රසූතියට සූදානම්ව සිටියදී පවා ඉතා අපහසුතාවයෙන් සාරිවලින් සැරසී පාසලට එන බවත් ගුරුවරියන්ට විධිමත් සුදුසු ඇඳුමක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

අමරපුර – රාමඤ්ඤ නිකාය එක්වීමේ සම්මුතිය අද !

colombotoday

වසන්ත හඩපටයක් එළියට දමන්න සූදානම්

Admin

ඉහළ යන අවන්හල් ආහාර

Admin

නීතියට වැඩ කරන්න ගිය රජයේ නිලධාරියෙකුට මන්ත්‍රී නවීන් තග දමයි… සරම උස්සාගෙන බැණ වදී !

colombotoday

ජනපති නවක වදය නවත්වන්න පොලිස් පතිට බාර දෙයි

colombotoday

මිහින්තලා රජමහා විහාරයේ විදුලි බිල සජිත් ගෙවයි

Admin