Colombo Today Local News

‘ඕන ගොනා‘ පුවතින් මුස්ලිම් පෙම්වතා කිපෙයි.. තොරතුරු දුන් අය සොයා අමාත්‍යාංශය පීරයි !

‘ඕන ගොනෙකුට ඇමතිකම් බෑ.. අමාත්‍යාංශය දියණියගේ මුස්ලිම් පෙම්වතා යටතට“ යන හිසින් යුතුව Colombotoday පලකල පුවත සම්බන්ධයෙන් අදාල පාර්ශව දැඩි ලෙස කලබල වී ඇති බවට එම අමාත්‍යංශයේ තොරතුරු මාර්ගවලින් අප වෙත වාර්තා වනවා.

අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ට පවා බලපෑම් කරමින්, දූෂිත ගනුදෙණුවල නිරතව සිටින, ඇමති දියණියගේ මුස්ලිම් ජාතික පෙම්වතා සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත ලබා දුන්නේ කවුදැයි සොයා බලන ලෙස ඔහු අමාත්‍යාංශයේ හිතවතුන් කිහිප දෙනෙකුට දන්වා ඇති අතර, ඔවුන්ට හොද පාඩමක් උගන්වනවා යැයි පුරසාරම් දොඩා ඇති බවද පැවසේ.

මේ අතර Colombotoday වෙබ් අඩවිය සම්බන්ධයෙන් තොරතුරු සොයා දන්වන ලෙස ඇමති දියණිය සහ ඇගේ මුස්ලිම් ජාතික පෙම්වතා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය වෙත දන්වා ඇති අතර, මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන කිහිප දෙනෙකුගෙන්ද විමසීම් කර ඇත.

අදාළ පුද්ගලයාගේ ලන්ඩන් කෙරුවාව සම්බන්ධයෙන් අප සතුව තොරතුරු ඇතත්, ඔහුගේ පුද්ගලික ක්‍රියාකාරම් අපට අදාළ නැත. එනමුත් රාජ්‍ය ආයතනයක් තුළට අනියමින් රිංගාගෙන, රාජ්‍ය දේපළ අයතා ලෙස පරිහරණය කරමින් ජනතාව සතු මුදල් යටිමඩි ගසාගෙන කෑමට ඉඩ දි නිහඩව සිටීම අප සූදානම් නැත. එබැවින් කුමන ආකාරයේ හෝ බලපෑම්වලට අප යටත් නොවන අතර, ජනතා මුදල් ගසා කමින් බඩ පුරවාගන්නා ගෙවලයන් පිළිබදව වැඩිදුරටත් ඇත්ත ඇති සැටියෙන් ජනතාව ඉදිරියේ තැබීමට ඉදිරියේදී ද අප සූදානම්ය.

ඕන ගොනෙකුට ඇමතිකම් බෑ.. අමාත්‍යාංශය දියණියගේ මුස්ලිම් පෙම්වතා යටතට !

Related posts

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 75%කගේ රැකියා අහිමිවීමේ අවදානමක්

colombotoday

අපි කොහෙවත් භූමදානයට අවසර දීලා නෑ.. කොවිඩ් පොසිටිව් මරණයක් නම් එය අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතුයි.

colombotoday

රැකියා කළ හැකි අවම වයස් සීමාව වෙනස් වේ

colombotoday

මස් කඩේට ගෙනගොස්, හරක් බදින ලණුවකින් ගැටගසා නානගේ පුතා බදුල්ලේ තරුණයෙකුට පහර දෙයි

colombotoday

සිංහල බෞද්ධ බලවේග බේදභින්න කරන ගොබෙල්ස් න්‍යායාචාරීන් ගැන හෙළිදරව්වක් (Video)

colombotoday

“ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නෙවෙයි” – ෆයිසර් මුස්තාපා

colombotoday