Colombo Today Sports News

අවසන් T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 41ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව ඇඩිලේඩ් ඕවල්හිදී අද (22) සමත් විය.

කෙසේවුවද 2-1 ක් ලෙස මේ තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ආරාධනයට මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල කඩුලු 6කට ලකුණු 187ක් රැස් කළේය.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට පන්දුවාර කදී18 සියලුදෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 146ක් පමණි.

ලසිත් මාලිංග (2/35) හා දසුන් ශානක (2/27) ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 2ක බැගින් බිඳ හෙළුහ.

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් වන ඇරොන් ෆින්ච් (53) හා මයිකල් කිංගර් (62) අර්ධ ශතක වාර්තාකරමින් ඕස්ට්‍රේලියා හොඳ ආරම්භයක් ලබා දුන්නේය.

Related posts

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

වෙරළ වොලිබෝල් පාඨමාලාවකට අයැදුම්පත් කැඳවයි

colombotoday

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක සටන අද

Admin

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

Admin