30 C
Colombo
16 April 2025
Colombo Today Local News

ආණ්ඩුවට විරෝධය පා භික්ෂූන් වහන්සේලා 1000 නමක් කොළඹට !

ආණ්ඩුව විසින් ගෙන යන වත්මන් දේශපාලන ක්‍රියාවලියට විරෝධය පළ කරමින් භික්ෂුන් වහන්සේ 1000 නමක් කොළඹට වැඩම කරවන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

අද (21) උදෑසන අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ආනන්ද හිමියන් මේ බව පැවසීය.

වත්මන් ආණ්ඩුවේ පොරොන්දු පත්‍රය ක්‍රියාත්මක කිරීමට තිබු දින 100 මේ වන විට අවසන් බවත් එය වසර 2කින් හෝ ඉටු කිරීමට ආණ්ඩුවට හැකි නොවු බවත් ආනන්ද හිමියන් මෙහිදී පවසා සිටියේ ය.

එමෙන්ම තමන් සිදු කරන අරගල කුමන හේතුවකට හෝ වෙනස් නොකරන බවත් උද්ඝෝෂණ සිදු කරන්නේ නම් ඒ සඳහා තම අභිමතය අනුව ස්ථානයක් තොරා ගන්නා බව ද උන් වහන්සේ තරයේ කියා සිටියේ ය. ඒ අනුව දේශීය සම්පත් විදේශිකයින්ට විකුණමින් ආණ්ඩුව විසින් ගෙන යන මෙම වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව හා භික්ෂුන් වහන්සේ දැනුවත් කිරීම අද සිට ආරම්භ කරන බවද ආනන්ද හිමියන් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට එක් වු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ ජාත්‍යන්තර සංවිධාන, දෙමළ සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධානවල එකතුවෙන් සිදු කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් වත්මන් ආණ්ඩුව බලයට පත් වු බවයි. කෙසේ වෙතත් එවැනි ආණ්ඩුවකින් දේශීයත්වයට හිතකර විය හැකි යැයි කිසිදු ක්‍රියාමාර්ගයක් අපේක්ෂා කළ නොහැකි බව ද උන් වහන්සේ මෙහිදී පවසා සිටියේ ය.

Related posts

අයවැය විසර්ජන සංශෝධන පනත 30 වැනිදා පාර්ලිමේන්තුවට

colombotoday

අග්බෝපුර ඕඅයිසී ට්‍රිපර් රථයක ගැටී මරුට

colombotoday

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකිමි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි

colombotoday

විටින් විට ගිහියෙක් සහ චීවරධාරියෙක් ලෙස පෙනීසිටි හෙරොයින් ජාවාරම්කරු පොලිස් අත්අඩංගුවට

colombotoday