Colombo Today Local News

හෙළ උරුමය රතන හිමිට එරෙහිව යුද ප්‍රකාශ කරයි.. වහා විනය පරීක්ෂණයක් කැදවයි !!

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මන්ත‍්‍රී ධුරයේ ස්වාධීනව කටයුතු කරන්නේ නම් එම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය නැවතත් පවරා ගැනීමට   ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරකසභාව තීරණ කර ඇති බව එහි සම සභාපති පූජ්‍ය හැඬිගල්ලේ විමලසාර හිමියන් පවසති.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ පවසා සිටියේ රතන හිමියන් විසින් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීමත් සමඟ පක්ෂයේ මධ්‍යම කාරකසභාව විසින් ගන්නා ලද තීරණය ලියාපදිංචි තැපැලෙන් රතන හිමියන් වෙත යැවුවද එය උන්වහන්සේට නොලැබුණ බව මාධ්‍ය ප්‍රකාශ කර ඇති බවයි.

නමුත් එය නියත වශයෙන්ම රතන හිමියන්ට ලැබී ඇති අතර මේ පිළිබඳ ලබන 17 වන දින නැවත මධ්‍යම කාරකසභාවක් රැස්වීමට නියමිත අතර එහිදී රතන හිමියන්ගේ හැසිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග වුව ද ගැනීමට ඉඩ ඇතැයි ද මෙහිදී කියා සිටියේ ය.

Related posts

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

Admin

තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

Admin

රට නව මගකට ගැනීමේ වගකීම භාර ගැනීමට සූදානම් – ජාජබ න් කෙටි කාලීන යෝජනා මාලාවක්

colombotoday

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

ජනපති, අගමැති, සම්බන්ධන්, හකීම්, බදියුදීන් නව ව්‍යවස්ථාව ගැන රහස් සාකච්ඡාවක !

colombotoday

කෙහෙළියට එරෙහි නඩුවක අද දුන් නියෝගය

Admin