Colombo Today Local News

“විමල්ගේ අදහස අනගියි.. සයිටම් ගැන එලෙස බලන්න මා සූදානම්“ – රාජිත

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ‘සයිටම්’ ආයතනය පිළිබදව අගනා කරුණූ දැක්වීමක් සිදුකල බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ප්‍රශ්ණය දෙස සංවේදීව බලන ලෙස විමල් වීරවංශ මන්ත්‍රිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවත්, ඒ අනුව මෙම ප්‍රශ්ණය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් සමග සාකච්ජා කර නිවැරදි තීන්දුවන් ගනු ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍යවරුන් පිරිසක් සමග පැවැති සාකචිඡාවක දී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

සයිටම්”ආයතනය සමග කිසිදු පුද්ගලික ගණූදෙනුවක් නොමැති බව ද දොස්තර රාජිත සේනාරත්න මහතා එහිදී අවධාරණය කර සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී “සයිටම්” ආයතනයේ ප්‍රධානියා හිටපු ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ බවත්, ‘සයිටම්” ආයතනය පිළිබදව තමන්ට ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණක් පිළිබද ප්‍රශ්ණයක් පමණක් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවක දි අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා, මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා ඇතැමුන් තවදුරටත් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ දරණ බවට චෝදනා කළේය.

“සයිටම් කියන්නෙ විසඳන්න ඔන ප්‍රශ්නයක් මිසක්..වවාගෙන කන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. සයිටම් විරෝධය හරහා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න ඇතැම් පිරිස් උත්සහා ගන්නවා.” යයි එහිදී ඔහු සඳහන් කළේය.

මෙම ආයතනය සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගත යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

Related posts

පරිසර ලොක්කො ජනපති අන්දලා.. රුසියාවේදී අත්සන් කල විල්පත්තු ගැසට් එක අමු ප්‍රෝඩාවක් !

colombotoday

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් පාර්ලිමේන්තුවේ ඊළගට කරන දේ ප්‍රසන්න රණවීර කියයි..

colombotoday

පාසලේම සිසුන්ගේ පහරකෑමෙන් හලාවත මුස්ලිම් විදුහලේ ශිෂ්‍ය නායකයා මරුදකී..

colombotoday

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

colombotoday

ලංකාවේ කොරෝනා බෝකළේ ගෝටාභය.. කොරෝනා මර්නදය කළේ රතු තරුවෙන් -ටිල්වින්

colombotoday