Colombo Today Local NewsHot News

එළුග තමිල් – 2 ඇරඹේ.. මහ පිරිසක් සමග විග්නේෂ්වරන් වීදි බසී (Photo)

උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් ‘දෙමළ මහජන සභාව‘ විසින් සංවිධානය කරන ‘එළුග තමිල් – නැගිටිව් දෙමළුනි“ පෙළපාලිය අද (10) පෙරවරුවේ මඩකලපුව කල්ලඩි ඔරලෝසු කනුව අසලින් ඇරඹිනි.

විග්නේෂ්වරන් මහ ඇමතිවරයා සමග, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එයට සහභාගී වී සිටියහ.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර, දෙමළ ස්වයංනීර්ණ අයිතිය පිළිගෙන ෆෙඩරල් විසදුමක් ලබා දීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම, උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනතාව පදිංචි කිරීම සහ බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීම නැවතැත්වීම, හමුදා කදවුරු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම පෙළපාලිය පැවැත්වේ.

මෙම රැළියේ පළමු අදියර පසුගිය සැප්තැම්බර් මස යාපනයේදී පැවැතිවිණි.

[fbvideo link=”https://www.facebook.com/LankasriTv/videos/1339077909484266/” width=”500″ height=”400″ onlyvideo=”1″]

ඡායාරූප – LANKASRI

Related posts

කතානායක කරූ ජයසූරියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ?

colombotoday

රෝහලේ ප්‍රතිකාර ලැබු පොලිස් සැරයන් අතුරුදන් – පොලිසිය විමර්ෂණ ඇරඹෙයි.

colombotoday

විදුලි ගාස්තු සංශෝධනයක් වෙන්නෙ නැහැ – ඇමති කංචන කියයි

Admin

ආහාර මිලත් පහළට

Admin

කඨින මහා පිංකම් ඇරඹෙන අසිරියෙන් පිරි වප් පුර පොහොය අදයි !

colombotoday

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin