Colombo Today Local News

‘රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්“ – මහ බැංකු අධිපති

රටට අවශ්‍ය විදේශ මුදල් සංචිත වෙනුවෙන් රජය සතු ආයතන අලෙවි කිරීම මේ අවස්ථාවේදී සිදු කළ යුතු අතිශය වැදගත් කටයුත්තක් බවට පත්ව ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. හෙතම මේ අදහස් පළ කළේ ඊයේ (08දා) පෙරවරුවේ මහ බැංකුවේ පැවැත්වුණු මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව, දැනට පවතින විදේශ මුදල් සංචිත ප්‍රමාණය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක මුදල මේ වසර අවසානයේදී ඩොලර් බිලියන 7.5 දක්වා වර්ධනය කරගැනීම තම අපේක්ෂාව බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

“හම්බන්තොට මාගම්පුර වරාය චයිනා මර්චන්ට් පෝට් සමාගමට අලෙවි කිරීමේ ගනුදෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් හිමි වෙනවා.ඒ වගේම මත්තල ගුවන් තොටුපොළ ගනුදෙනුවෙන් ඩොලර් මිලියන 250ත් 300 ත් අතර මුදලක් ලැබෙනවා.

ඊටත් අමතරව රජය සතුව පවතින හෝටල් සහ වෙනත් වාණිජ දේපළ අලෙවි කිරීමෙනුත් යම් මුදලක් උපයා ගැනීමේ හැකියාව පවතිනවා” යනුවෙන් ආචාර්ය කුමාරස්වාමි මෙහිදී සඳහන් කළේය.

විශේෂයෙන්ම රට තුළ පවතින ණය අර්බුදයට මෙය පිළියමක් බවද පැවසූ මහ බැංකු අධිපතිවරයා, මේ හරහා ලැබෙන ආදායමෙන් වඩාත් හොඳ ණය කළමනාකරණයක් සිදුකරමින් ජනතාවට වඩා වැඩි සහන ලබා දිය හැකි බවද පෙන්වා දුන්නේය.

“අපි සරලවම මෙහෙම හිතුවොත්, ඔබට ත්‍රීවීල් රථ තුනක් තියෙනවා. ඔබ ඉන්නේ ආර්ථික අර්බුදයක. ඉතිං ඔබට ඉන් ගැලවීමට කරන්න තියෙන්නේ දෙවැනි ත්‍රීවීල් රථය අලෙවි කරන එකයි.

එහෙම නැතුව මුදල් නෑ කියලා ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය කටයුතු අත්හැර දමන්න ඔබට බැහැ. දැන් රටක් විදියට අපිට වෙලා තියෙන්නෙත් මේ කාරණාවයි.” යනුවෙන්ද මහ බැංකු අධිපතිවරයා මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කළේය.

Related posts

රුපියල් 5000 සේ හොර නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් කොටු

colombotoday

ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණවලට වැඩියෙන් මුදල් අය කළ රෝහල් හා රසායනාගාර 8කට ලක්ෂ 55ක දඩ..

Admin

සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරීමට සුදුසු බව චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිට යෝජනා කරයි

colombotoday

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday

සාමාන්‍ය පෙළ කල් යයි

colombotoday