Colombo Today Local News

ජල විදුලිය පහළ යයි – විදුලි අවශ්‍යතාවයෙන් 52% නොරොච්චෝලෙන්

ජල විදුලිය 11% දක්වා පහත වැටී තිබෙන බවත්, මේ නිසා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය උපරිමයෙන්ම සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

මේ අනුව සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 52%ක් නොරොච්චෝලේ බලාගාරය තුළින් ලබාදෙන බවද එම සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

පසුගිය දිනවල ඇති වූ වර්ෂා තත්ත්වය තුළින් ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම කිසිදු අයුරකින් ඉහළ නොගිය බව පවසන වන්නිආරච්චි මහතා මේවනවිට ජල විදුලිය නිපදවන ජලාශවල  ජලමට්ටම 33% දක්වා පහත වැටී ඇති බවද පැවසීය.

ජල මට්ටම 20% ක් දක්වා පහත වැටීමත් සමග ජල විදුලිය නිෂ්පාදනය කිරීම යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවත්, මේ නිසා හදිසි මිලදීගැනීමක් ලෙස පෙබරවාරි මුල් සතියේදී මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් පද්ධතියට එකතු කරගන්නා බවත් අතුල වන්නිආච්චි මහතා කියා සිටියේය.

දිගින් දිගටම විදුලිය නිෂ්පාදනය කරන ජලාශවලට ජලය නොලැබුණහොත් මාර්තු මාසය වනවිට ජලවිදුලි නිෂ්පාදනය අර්බුදයකට ලක්වන බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

උතුරේ තවත් අක්කර 613 ක් ජනපති අතින් සිවිල් වැසියන්ට.

colombotoday

“ශ්‍රීලනිප – ඒකාබද්ධය එක්වීමට ඔළමොට්ටලයන් දෙදෙනෙක් ඉඩ දෙන්නේ නෑ” – දයාසිරි

colombotoday

ජනපති, අගමැති ඇඟිළිගැසීමෙන් මංගල කුපිත වේ

colombotoday

“හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා.” – ඇමති සුසිල් ළමයින්ට කන්න දෙන්න දැඩි උනන්දුවක්

colombotoday

ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට අවස්ථාව සලසා දෙන්න : අභියාචනාධිකරණයෙන් නියෝගයක්

colombotoday

මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි !

colombotoday