Colombo Today Local News

ජනපති කියූ දෙයක් රාජිත නෑ කියයි..

ගණිකා වෘත්තිය හා සමලිංගික සබදතා නීතිගත කිරීමට අදාල කැබිනට් පත්‍රිකා කිසිවිටෙක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ඊයේ (26දා) පැවැසීය.

අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූමානව හිමිකම් වාර්තාවේ අන්තර්ගතව තිබූ ලිංගික අනන්‍යතාව (sexual orientation) යන වචනය පමණක් ගැටලු සහගත වූ බැවින් එය ඉවත් කළ බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

“ඉදිරිපත් කරපු මානව හිමිකම් වාර්තාව හැමෝටම කියවලා බලන්න පුළුවන්. ඒකෙ තියෙන්නේ sexual orientation (ලිංගික අනන්‍යතාව) කියලා වචනයක්. ඒ වචනය ඕන විදිහකට අර්ථකථනය කරන්න පුළුවන්. sexual orientation (ලිංගික අනන්‍යතාව) කියන වචනය භාවිත කරලා නොයෙකුත් ලිංගික ක්‍රමවේදයන්ට අයිතිය ඉල්ලන්න ඉඩ තිබෙනවා කියලා කියන්න පුළුවන්.

මේක තමයි ප්‍රශ්නයක් වුණේ. එමෙන්ම නීතිය ඉදිරියට ගියොත් අපි දුර්වල වෙනවා. අන්න ඒ නිසයි අපි ඒ වචනය ඉවත් කළේ.එහෙම නැතිව සමලිංගික හෝ ගණිකා වෘත්තිය කියලාවත් තිබුණෙ නෑ කොහෙවත්. මම කියන එකවත්, කවුරුවත් කියන එකවත් පිළිගන්න එපා. ඔබතුමාලාම කියවලා බලන්න ඒක” යැයි ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේබව කීය.

කෙසේ වෙතත් ඊයේ (25දා) කොළඹ අභයාරාමයේ පැවැති ආගමික වැඩසටහකට එක්වෙමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ සමලිංගික විවාහ හා ගණිකා වෘත්තිය නීතිගත කිරිමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා තමන් ප්‍රතික්ෂේප කළ බවයි.

“සමලිංගික කතාව කැබිනට් එකට ආවම මම තමයි වීසි කළේ. ඒ එක්කම ඔය පත්‍රිකා වල ගණිකා වෘත්තිය ගැනත් ආවා නීතිගත කරන්න. මම තමයි ඒවා විසි කෙරුවේ. මමයි ඒ තීන්දු ගත්තේ. මට තව බොහෝ දේවල් කියන්න පුළුවන් මම ප්‍රතික්ෂේප කළ දේවල් රටට අහිතකර දේවල්. රට වෙනුවෙන් ගත් තීන්දු තීරණ”

sexual orientation “ලිංගික නැඹුරුව හා ලිංගික අනන්‍යතාවය, ලිංගික අනුස්ථාපනය – යනු, ස්ත්‍රීන් දෙදෙනෙකු අතර/ පුරුෂයන් දෙදෙනෙකු අතර (සමලිංගික – homosexual) එක ස්ත්‍රියක් සහ පුරුෂයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් අතර/ එක් පුරුෂයෙකු සහ ස්ත්‍රීන් දෙදෙනෙකු හා ඊට වැඩි පිරිසක් අතර (ද්වී ලිංගික – bisexual) සිදුවන ආදර හෝ ලිංගික සබදතා සහ බහු ස්ත්‍රී පුරුෂ ලිංගික සේවනය (විශම ලිංගිකත්වය/පාර ලිංගිකත්වය – heterosexual) ය. මෙම විකෘති ලිංගික ක්‍රියාකාරකම් නීත්‍යානුකූල කිරීමට නව ව්‍යවස්ථා නිර්දේශවලින්ද යෝජනා කර තිබේ. මූලික අයිතිවාසිකම් පිළිබදව ව්‍යවස්තා කමිටු වාර්තාව බලන්න 

Related posts

“වෘෂණ කෝෂ මෙට්ටේ උඩ තිව්වම සනීප වෙනවද“ හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි

colombotoday

ජනපති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය හමුවෙයි.. ජනපතිගෙන් ජනතාවට සහතිකයක්

colombotoday

රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී ගේ ආයුධ සීඅයිඩී අත්අඩංගුවට.

colombotoday

ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල්ට

colombotoday

කුඩු ජාවාරමට කට්ටි පැන්න මන්ත්‍රී අරුන්දිකගේ නිවසේදී අත්අඩංගුවට

colombotoday

ඛනිජතෙල් නිෂ්පාදන පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය

colombotoday