Colombo Today Local News

“ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීමට තුර්කිය, කටාර්, සෞදියෙන් අරමුදල්“ – පූර්ව මුස්ලිම් සංවිධානය

ශ්‍රී ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම සදහා (කිලාහන් සංකල්පය) ජමාතේ ඉස්ලාම් හා ජමාතු සලමා වැනි සංවිධානවලට සෞදිය, තුර්කිය, කුවේට් සහ කටාර් යන රටවලින් මුදල් ආධාර ලැබෙන බව ‘පූර්ව මුස්ලිම් ජාතීන්‘ සංවිධානය ප්‍රකාශ කරයි.

පූර්ව මුස්ලිම් ජාතීන් සංවිධානය, ඉස්ලාම් දහම හැරගිය අය විසින් පිහිටුවාගත් සංවිධානයකි. එහි ප්‍රධාන පෙළේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේ තම සංවිධානය පිළිබද තොරතුරු පළවු පසුව මුස්ලිම් ප්‍රජාවේ ඇතැමුන් කලබල වී ඇති බවයි.

ඉස්ලාම් ආගම හැරගිය පිරිසක් ඉන්නා බව සමහර මුස්ලිම් පුද්ගලයන් පිළිගන්න කැමති නෑ. එහෙම නැතිනම් පිළිගන්න තරම් බුද්ධියක් ඔවුන්ට නෑ.

ඔවුන් අපට චෝදනා කරනවා අපි කිසියම් පාර්ශවයකින් මුදල් අරන් තමයි ඉස්ලාම් දහම හැරගියේ කියල. අපි සත පහක් අරන් නෑ. අපේ සංවිධානයේ වැඩකටයුතුවලට මුදල් එදිනෙදා ඒ ඒ අවස්ථාවේදී සාමාජිකයන් විසින්ම දරනවා. වහාබ් නමින් හදුන්වන තව්ෆික් සංවිධානවලට තමයි තුර්කි, සවුදි, කුවේට්, කටාර් වැනි රටවලින් මුදල් ලැබෙන්නේ.

කුඩා කල පටන් ඉස්ලාම් ආගම ඇදහූ අය අද අපේ සංවිධානයට එක්වී ඉන්නවා. සමහරු හජ් වන්දනාවට පවා ගිය අය. උමිරා වන්දනාව කළ අයත් ඉන්නවා. අපි කව්ද කියා හදුනාගත්තොත් අනිවාර්යෙන්ම ගෙල කපා මරා දමාවි. ඉස්ලාම් ග්‍රන්ථවල තියෙන්නේ එහෙමයි. ඒ නිසා තමයි ඉස්ලාම් දහම හැරගිය අපි සංවිධානගත වුණේ. අපි වෙන කිසිම ආගමක් වැළදගන්නේ නෑ.. යැයිද හෙතෙම පැවසීය.

– දිවයින

“ඉස්ලාමය අතහැරියේ එය පිළිගත නොහැකි නිසයි“ – ඉස්ලාම් අතහැරගිය අයගේ සංගමය

Related posts

හෙරොයින් සමග සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවේ

colombotoday

වන අලි පහර දී වනජීවි නිලධාරියෙකුට මරුට

Admin

මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීම අපිට ප්‍රශ්නයක් නෙවෙයි – සරත් ෆොන්සේකා

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලට

colombotoday

විවාහක රූ රැජිණ කිරුළ ගලවා ගත් කැරොලයින් ගැන සංවිධායක මණ්ඩලය කණස්සල්ලෙන්. ජාත්‍යන්තරයෙන් තීරණයක් ?

colombotoday

ක්ෂේත්‍ර තුනකින් බදු ඉවත් කරන්නැයි අගමැතිට ඉල්ලීම්

colombotoday