Colombo Today Local News

රවී ඉවත් කරන්න මම කීයටවත් ඉඩ දෙන්නෑ – අගමැති

රවී කරුණානායක මහතා මුදල් ඇමතිකමින් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළහොත්, තමා ඊට කිසිදු ලෙසකින් එකග නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

රවි කරුණානායක මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්නයෙන් විශේෂ සාකච්ජාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සිදුවනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර තිබිණි.

හිටපු ඇමතිවරයකු වූ ගාමිණි දිසානායක මහතාට හා ලලිත් ඇතුලත්මුදලි මහතාට ද එකල ආණ්ඩුව තුලින්ම මෙවැනි චෝදනා එල්ල වුවද එම චෝදනා පදනම් විරහිත බැවින් ජේ.ආර්. ජයවර්ධන මහතා එම කාරණය එතරම් සැලකිල්ලට නොගත් ආකාරය එම ඇමතිවරුන් වෙත සිහිපත් කර ඇති අගමැතිවරයා, රවී කරුණානායක මහතාගේ දක්ෂතාවයන්ට හා හැකියාවන්ට ආණ්ඩුවේම ඇතැම් පුද්ගලයින් ඉරිසියා කරන බව ද සඳහන් කර තිබේ.

යහපාලන ආණ්ඩුවට එරෙහිව නැඟී ඇති දූෂණ චෝදනා සමනය කර ගැනීම වෙනුවෙන් බරපතළ ලෙස මූල්‍ය සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධව චෝදනා ලබා සිටින එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකු අදාළ අමාත්‍ය ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇති බව අන්ර්ජාල පුවත් වෙබ් අඩවි පසුගිය සතියේ වාර්තා කර තිබිණි.

Related posts

තව ටික දවසකින් අවශ්‍යනම් පමණක් හාල් පොල් ගන්න කියයි

Admin

රාජකීය දෛවඥයාගේ අනාවැකිය වරදී !! සුනාමි භීතියෙන්, පොසොන් දා දකුණේ නගර පාළුවට යයි

colombotoday

සති අන්තයෙත් විදුලි කප්පාදුවක්

Admin

රඹුක්කන ගම්මාන හතක් වසා දමයි.

colombotoday

“මා කීවේ නපුංසක ආණ්ඩු කියායි” – ඥාණසාර හිමි ඊයේ අධිකරණයේදී දුන් සාක්ෂිය !

colombotoday

අද සවස 6.00 සිට සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය

colombotoday