Colombo Today Local News

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දහසක් මහපාරට !

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පළමු හා අවසාන වසරවල සිසුන්ට පමණක් නේවාසික පහසුකම් ලබාදීමට තීරණය කිරීම නිසා අනෙක් වසරවල සිසුන් මහපාරට වැටී තිබෙන බව ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.

මෙතෙක් සෑම වසරකම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදුන් බවත් එහෙත් පසුගිය 16 වන දින පාලන අධිකාරිය විසින් පළමු හා අවසන් වසර ශිෂ්‍යයන්ට පමණක් නේවාසිකාගාර පහසුකම් ලබාදීමට තීරණය කර තිබෙන බවද එම සංගමයේ ලේකම් ඩී.එම්.පී.ජේ. බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ නිසා ශිෂ්‍ය ශිෂාවන් දහසකට නේවාසිකාගාර පහසුකම් අහිමි වී තිබෙන බවද ඔහු පවසා සිටියේය. ගොඩනැගිලිවල නේවාසික පහසුකම් ලබාදීම සඳහා ඉඩකඩ ප්‍රමාණවත් පරිදි තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

ජොන්ස්ටන් විග්නේශ්වරන් සමග යාපනයේදී ගැටුමක්

colombotoday

පාඨලීගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

colombotoday

මෛත්‍රීගේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි කොට්ඨාසයත් පරාදයි – තුන්වෙනි තැනට වැටේ

colombotoday

කඳාන උප දුම්රිය ස්ථානය වසා දමයි

colombotoday

මහඇමති නාටකයෙන් හෙළි වූ යහපාලන නිරුවත !

colombotoday

නුවරඑළියේ වසන්ත උදානයට ජනතාව කඩා වදිති. (Video)

colombotoday