රට වටා

අස්වූ ඇමතිවරයාගේ ඉඩම් කොල්ලයට වීරවංශත් සම්බන්ධයි – රංගේ බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකු වත්මන් ආණ්ඩුවට එකතු වී සිටින්නේ වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ වසන් කර ගැනීමේ චේතනාවෙන් බව, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඉඩමක් නැති නිවසක් නැති මිනිසුන්ට බෙදා දීමට තිබූ ඉඩම් කට්ටි 06ක් වංචනික ලෙස ලබා ගත් පුද්ගලයෙකුද පසුගිය දා අමාත්‍ය ධූරයකින් ඉල්ලා අස්වූ බව ඔහු සඳහන් කළේය. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ ප්‍රියංකර ජයරත්න මහතා පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. ඒ ආඬිගමකීරියන්කල්ලිය මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා 17 පැවැති උත්සවයකදීයී.

මෙම ඉඩම් වංචාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මහතා ද සෘජුවම වගකිව යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ප්‍රියංකර ජයරත්න වෙත එම ඉඩම් කට්ටි වෙන් කර දී ඇත්තේ විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ නියෝග හා උපදෙස් මත බව ද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියි. මෙම ඉඩම් වංචාවේ වගකීම නිවාස සංවර්ධන අධිකාරියට ද පැවරෙන බව ඔහු සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දවල් මිගෙල් රෑ දැනියෙල් භූමිකාවක් නිරූපණය කරමින් ඇතැම් පුද්ගලයින් මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ද මුලාවට ලක්කළ බවද ඔහු පෙන්වා දෙයි. පුත්තලමේ සිට මහින්ද රජපක්ෂ වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය දියත් කරද්දි මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් මුදියන්සේ නැමති නියෝජිතයෙකු යොමු කරමින් සිදුකළ දේශපාලන භූමිකාව නැවතත් මතක්කර දීමට සිදුවන බවයි අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

Related posts

ක්‍රීඩාවෙන් ජාතික තලයට ගිය වයඹ පළාත වර්තමානයේ පසුබැහැලා – පාලිත රංගේබණ්ඩාර

colombotoday

වාහනේ වීදුරු කළු කලොත් දැඩි දඩුවම්

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

colombotoday

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin

විද්‍යාඥ මතයට සවන් දුන්නා නම් නියගය ආපදාවක්‌ වන්නේ නැත

colombotoday

ලොතරැයි 20 ට 25දා සිට අලෙවියට

colombotoday