Colombo Today Local News

විමල්ගේ සුව දුක් බලන්න ඥාණසාර හිමි බන්ධාගාරයට… විමල් රෝහලට !

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද දහවල් නව මැගසීන් බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා. ඒ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සුව දුක් විමසීම සදහායි.

හදිසියේ ඇති වූ අධි රුධිර පීඩන තත්ත්වයක් හේතුවෙන් විමල් වීරවංශ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණු බැවින් ඥාණසාර හිමියන්ට වීරවංශ මහතා හමුවීමට නොහැකි වූ බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

වාහන අවභාවිතා චෝදනාව මත අත්අඩංගුවට ගත් විමල් වීරවංශ මහතා මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

පුරාවිද්‍යා බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා දැයට අහිමිවන වසම්මලේ චිත්‍ර ලෙන් සංකීර්ණය (Photo)

colombotoday

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

colombotoday

අනවසර සංක්‍රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. අන්තවාදී ආගම් ප්‍රචාරයේ !! (Photo)

colombotoday

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

colombotoday

මරික්කාර්ගේ ඇගිලි ගැසීමට තනූජාත් එරෙහි වෙයි.. සිරසේ සියලු තනතුරු දමා ගෙදර යයි !

colombotoday

ජොන්ස්ටන් සහ රත්නසේකර කරට කර සටනක

colombotoday