රට වටා

රොෂාන් මහානාමගෙන් බෝගස්වැව වෙහෙරතැන්නට පාසලක්

හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු හා ජාත්‍යන්තර තරග තීරකවරයකු ලෙස කටයුතු කරන රොෂාන් මහානාම මහතා සිය ධන පරිත්‍යාගයෙන් වවුනියාව බෝගස්වැව වෙහරතැන්න ගම්මානයේ අලුතින් ඉදිකළ පාසල් ගොඩනැගිල්ල සෙනසුරාදා (14) විවෘත කැරිණි.

රුපියල් ලක්ෂ 27 ක පමණ මුදලක් වැය කරමින් සෑදු පාසල් ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදු වූ අතර එය විවෘත කිරීමේ අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතාද සහභාගී විය.

මෙම විදුහල් ගොඩනැගිල්ල නම්කර ඇත්තේද රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය නමිනි.

Related posts

වෘත්තීය සමිති නායකයෝ වෛද්‍ය සභාව සමග සාකච්ඡාවක

colombotoday

ලොතරැයි 20 ට 25දා සිට අලෙවියට

colombotoday

FCIDයට අලුත් ලොක්කෙක්

colombotoday

රත්තරන් මැරූ කොස් මල්ලි 16 තෙක් රිමාන්ඩ්

colombotoday

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

colombotoday

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin