Colombo Today Local News

“ආණ්ඩුවේ ගමන් මග මනින්න වසර දෙකක් වැඩිත් එක්ක.. රට යන්නේ විනාශයටයි“ – ජවිපෙ

රට ගමන් කරමින් තිබෙන විනාශකාරී ගමන වැළැක්වීමට කටයුතු කරණවා වෙනුවට වර්තමාන ආණ්ඩුවද රට විනාශය කරා යන තැනට වැඩකටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ආණ්ඩුව පත්වී වසර දෙකක් ගතවෙමින් තිබෙන බවත්, ආණ්ඩුවක ගමන්මග මැන බැලීමට වසර දෙකක කාලයක් ඕනෑවටත් වඩා වැඩි බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මෙම ආණ්ඩුව පත්වූයේ වංචා දූෂණවලට හවුල් වූ දූෂිතයන්ට දඬුවම් ලබාදී රට නිවැරදි දිශාවකට ගමන් කරවන බවට පොරොන්දු ලබාදෙමින් බවත්, එහෙත් සිදුවෙමින් තිබෙන්නේ වංචාවට සහ දූෂණයට හවුල් වූ පිරිස් රකිමින් වංචාවට, දූෂණයට හවුල් වෙමින් ජනතා බලාපොරොත්තු බිඳ වට්ටමින් ගමනක් යෑම බවත් පක්ෂනායකවරයා කියා සිටියේය.

අඩුම තරමින් ප්‍රාදේශිය වශයෙන් පවතින ගැටලුවක් විසඳාගැනීමට හෝ මෙම ආණ්ඩුවට නොහැකි වී තිබෙන බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් දක්වා ගමන් ඇරඹිම නොවැම්බර් පළමුවනදා සිට

colombotoday

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි- සුමන්තිරන්

colombotoday

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Admin

“ජනපති සමග ජපන් ගියේ උලපනේ සුමංගල හිමියන් පමණයි” – ජනපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු

colombotoday

සහරාන් ගැන කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් පොලීසියේ පරික්ෂාවට

colombotoday

පිරවුම්හලක අයිතිකරු සහ සේවකයින් එක්ව පාරිභෝගිකයෙකුට අමානුෂික ලෙස පහර දෙයි

colombotoday