Colombo Today Local News

‘ගල්ලෙන බිදලා, ලෙන් දොර හැරලා‘ චම්පික, රතන හිමි මහින්ද පිළට ?

“දේශපාලනයේ සදාකාලික සතුරොත් නැත, සදාකාලික මිතුරෝත් නැත“ යන කියමන සනාථ කරමින් ප්‍රතිවිරුද්ධ දේශපාලන පාර්ශව දෙකක් නැවත වරක් සන්ධානගතවීමට සූදානම් වන බවට අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, අතුරලියේ රතන හිමි සහ ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර, යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව එක්ව කටයුතු කිරීමට සූදානම් බවට ශ්‍රීලනිප මහින්ද රාජපක්ෂ පාර්ශවයට දන්වා ඇත. ඒ අනුව සන්ධානගතවීමක් සම්බන්ධව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් චම්පික – මහින්ද පාර්ශව අතර පසුගිය දින කිහිපයේදී සාකච්ඡා පැවැත්වී ඇති අතර, බොහෝ දුරට නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට ප්‍රථම චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් ඉවත්වීමට ඉඩ ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

මේ අතර ලබන 30 වැනිදා ගාල්ලේදී පැවැත්වෙන “ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ“ හමුවකට ඇමති චම්පික හෝ රතන හිමියන් සහභාගී වනු ඇති බවට රාවයක්ද පැතිර යමින් පවතී.

කෙසේ වෙතත් චම්පික රණවක මහතා නැවත වරක් මහින්ද පිළිට එකතු කරගැනීමට පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා දැඩි ලෙස විරෝධය පලකර ඇතැයි පැවසෙන අතර, පෙරේදා දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනේදී ද විමල් වීරවංශ මහතා විසින්, චම්පික රණවක ඇමතිවරයාව දැඩි ලෙස විවේචනය කළේය.

යම් හෙයකින් චම්පික රණවක ඇමතිවරයා නැවත වරක් මහින්ද පිළ සමග එකතු වුවහොත්, විමල් – චම්පික දෙදෙනාම ජාතිකවාදී ඡන්ද පදනම ඉලක්ක කරමින් සිය දේශපාලන කටයුතු මෙහෙයවන බැවින් දෙපාර්ශවය අතර ද්වන්ද සටනක් ඉදිරියේදී දැකගතහැකි වනු ඇති බවටද මත පලවේ.

Related posts

යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි අල් හුසේන් සාමාජික රටවලට දන්වයි !

colombotoday

යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කෙරේ

colombotoday

ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ

colombotoday

ඇලෝසියස් සහ පලිසේන ලෙඩවෙති.. බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ…

colombotoday

අද පැවැත්වීමට තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

colombotoday

මහනුවර තදබදය අඩු කරන අලුත් සැලසුමට කිරිඇල්ලගේ ගෝලයෝ අකුළු හෙළති…. පාර වසා කෘතිම තදබදයක් ඇතිකර සැලසුම කඩාකප්පල් කරන්න හදයි…

colombotoday