Colombo Today Local News

කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !

එල්.ටී.ටී.ඊ. සුසාන භූමි දෙකක් දෙමළ ජනතාවගේ ගෞරවයට පාත‍්‍රවන පූජනීය ස්ථාන දෙකක් බවට පත් කළ යුතුය යන යෝජනාවට කිලිනොච්චි සංවර්ධන කමිටුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

කිලිනොච්චියේ මුලංකාවල් හා කනකපුරම් ප‍්‍රදේශවල පිහිටි මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් මිහිදන් කර ඇති මහවිරු සුසාන භූමි මෙලෙස පූජනිය ස්ථාන බවට පත් කළ යුතු බවටයි යෝජනා වී ඇත්තේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රී ධරන් විසින්.

ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනතාවගේ මිය ගිය ඥාතීන්ට ගෞරව දැක්වීමට ස්ථානයක් නොමැකි බවයි. එබැවින් එවැනි ස්ථානයක් නම් කළ යුතු බවටයි මන්ත‍්‍රිවරයා යෝජනා කර තිබුණේ.

මේ පිළිබඳ අදහස් දක්වා ඇති උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ප‍්‍රකාශ කර ඇත්තේ සුසාන භූමි පිහිටි ඉඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කර ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැකි බවයි.

එම ඉඩම් රජයේ ඉඩම් බව තහවුරු කර ගැනිමෙන් පසුවයි කිලිනොච්චි සංවර්ධන කමිටුව ඒ සඳහා අනුමැතිය ලබා දි ඇත්තේ.

Related posts

පිපිරීමක් සමග බස්රථයක් ගිනි ගනී.. 17ක් රෝහලේ

colombotoday

මහින්ද සහ රනිල් අතර හමුවක්

colombotoday

ඩොලර් බිලියන දෙකක LTTE අරමුදල් කැනඩාවේ ගිණුමක

colombotoday

රාජ්‍ය නොවන සංවිධාන උවමනාවට ත්‍රිවිධ හමුදාවට චෝදනා පත්‍ර ගෙන ඒමට මා සුදානම් නෑ – ජනපති

colombotoday

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

colombotoday

චීනයේ නැවතත් කොවිඩ් පැතිරෙයි ප්‍රදේශ 30 ක් වසා දැමීමට පියවර

colombotoday