Colombo Today Local News

පුරාවිද්‍ය සංරක්ෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.. පුරාවිද්‍යා බලධාරීන්ට ජනපති දින දෙයි ! (Video)

පුරාවිද්‍යා හා ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ජනාධිපතිවරයා සමග පැවති එම සාකච්ඡාවට පුරාවිද්‍ය චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ මහතා, පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහතා හා අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වි සිටියහ.

උතුරු නැගෙනහිර පළාත්ව ඓතිහාසික පුරාවිද්‍යාස්ථානවලට සිදුවෙමින් පවතින විනාශය සම්බන්දයෙන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වූ අතර බුද්ධ ශාසන අමාත්‍යවරයා විසින් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාලාපය දැඩිලෙස විවේචනය කළේය.

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරගැනීම සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ලබන 28 දිනට පෙර ඒ සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා බලධාරීන්ට නියෝග කළේය.

මේ අතර අද (23) පෙරවරුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ ලබන ජනවාරි මස සිට පුරාවිද්‍යාස්ථාන සංරක්ෂණය කිරීම සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් යොදවන බවයි.

Related posts

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday

විදුලි විසන්ධිය හමුවේ අන්තර්ජාල සේවා සැපයුමටත් බාධා…

colombotoday

කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම ඉවතට

colombotoday

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: උපුල් තරංග ප්‍රකාශයක් ලබාදීමට පැමිණේ

colombotoday

අස්ගිරිය නිහඩතාවය බිදී.. ‘සංහිදියාවට මුවාවී බෞද්ධ මර්ධනයක්‘ මහා නාහිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවකන්ගේ රු.1000 වැටුප දෙවැනි වරටත් සම්මතයි

colombotoday