කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට රජය සූදානම් වන බව පුරවැසි බලය කැදවුම්කරු සමන් රත්නප්‍රිය පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසූයේ මේ හේතුවෙන් එම පර්යන්තයේ සේවය කරන දහස් ගණනකගේ රැකියා අවදානමේ වැටී ඇති බවයි.
මේ වන විටත් කොළඹ වරායේ පර්යන්ත හතරෙන් එක් ජැටියක් ඔස්ටේ්රලියාවටත්, තවත් ජැටියක් චීනයටත් ලබාදී බවද කී රත්නප්‍රිය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දුනහොත් කොළඹ වරායේ ආදායම විශාල අර්බුධයකට ඇද වැටෙනු ඇතැයිද කියා සිටියේය.