Colombo Today Local NewsNew Constitution

ෆෙඩරල් ව්‍යවස්ථාව පරදන්න චම්පික, විමල්, ගම්මන්පිල එකම වේදිකාවකට !

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 13 වන සංශෝධනය පරිදි පළාත් සභාවලට ඉඩම්, පොලිස් බලතල ලබා දීම ඇතුළු බෙදුම්වාදී යෝජනාවලට එරෙහි වීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 30 වනදා එම පක්ෂය කොළඹදී සමුළුවක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වනවා.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ජාතිකවාදී දේශපාලන පිළ නියෝජනය කරන දේශපාලකයන්ටත්, ජාතික තලයේ ක්‍රියාකාරී භික්ෂූන්වහන්සේලාටත්, බොදු බල සේනා ඇතුළු සෙසු ජාතික සංවිධානවලටත් එම සමුළුව සදහා සභාගීවන ලෙස ඇරයුම් කරමින් ලිපි යොමු කර ඇති බවයි ජාතික හෙළ උරුමයේ ආරංචි මාර්ග සදහන් කළේ.

බෙදුම්වාදී බලවේගවල උවමනාව මත ගෙන ඒමට නියමිත නව ව්‍යස්ථාව පරාජය කිරීම සදහා චම්පික රණවක, අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ජාතික බලවේග නියෝජනය කළ සහ කරන සියළු දෙනා එක්විය යුතු යැයි ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කර තිබුණා.

Related posts

ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි

colombotoday

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin

වීරසිංහම් ආනන්දසංගරීගේ පුතු කැනඩා අමාත්‍ය මණ්ඩලයට

Admin

බඳින තුවක්කුවක් පත්තුවී අයෙක් මරු දකී

colombotoday

ජනාධිපතිවරණය දිනන හැටි ගැන චම්පිකගෙන් ගණිතමය විග්‍රහයක්

colombotoday

බදුර්දීන්ගේ දූෂණ හෙළිකලැයි සතොස සභාපති තනතුරින් නෙරපයි !

colombotoday