27 C
Colombo
6 April 2025
Colombo Today Local News

ජනපති වාර්තාවක් තියයි.. වෙබ් අඩවිවලටත් රතු එළි දල්වයි !

අපහාසාත්මක අයුරින් තොරතුරු වාර්තාකරන වෙබ් අඩවිවලට එරෙහිව ඉදිරියේදී නව නීති සකස් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහකා අධිකරණ සේවා නිලධාරින්ගේ වාර්ෂික සම්මේලනයට එක්වෙමීන් අද (19) ජා-ඇලදී පැවසීය.

‘‘අන්තර්ජාල වෙබ් අඩවි තුළින් නින්දා අපහාස වැඩිපුර විඳින කෙනා මම තමයි. ඒ වාර්තාව කාටවත් කඩන්න පුළුවන් කමක් නැහැ. මම මගේ නෝනටත් දරුවන්ටත් කියලා තියෙන්නේ මේ වෙබ් සයිට් බලන්න එපා කියලා. ඒ කෙසේ වෙතත් අන්තර්ජාල වෙබ් අඩවි අද තියෙන නිදහස ඉතාමත් වැරදි විදිහට පාවිච්චි කරනවා.

අපි දේශපාලනඥයන් හැටියට ඒ නින්දා අපහාස හොඳට හුරුයි. නමුත් අධිකරණ ක්‍ෂේත්‍රයේ නිලධාරීන්ට ඔවුන් ජීවත්වන පරිසරය සහ සමාජ පසුබිම ඒ අදාළ විෂය ක්‍ෂේත්‍රයන් ගත් විට එවැනි දේවල් එක් පැත්තකින් අලුත් දේවල් සහ නව අභියෝග. එවැනි තත්ත්වයන් පිළිබඳව රජය කණගාටුව ප්‍රකාශ කරනවා.

අධිකරණ ඇමතිතුමත් අපිත් රජයක් විදිහට තීරණයක් අරගෙන තියෙන්නේ මේවා වැළැක්වීම සඳහා ගතයුතු සෑම පියවරක්ම ගන්නා බවට. නිදහස කියන එක සැමවිටම ලබාදෙන්නේ යහපත් මිනිසුන් සඳහායි. නමුත් යහපත් මිනිසුන් වැඩි පිරිසක් අතරේ අයහපත් මිනිසුන් සුළු කොටසක් විසින් කරන්නා වූ අවිනීත සහ අශීලාචාර ක්‍රියාවන් අපි සැමවිටම හෙළා දකිනවා. ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒවා වැළැක්වීම සඳහා සැමවිටම අපි කටයුතු කරනවා.’’

Related posts

නව ව්‍යවස්ථා නිර්දේශවලට මල්වතු – අස්ගිරි මහා නාහිමියන් එරෙහි වේ

colombotoday

පාඨලීට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගනී

colombotoday

නාවික හමුදාවේ නිපදවූ යාත්‍රා 09ක් මුල් වරට විදේශ රටකට

colombotoday

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday

අධි චෝදනා ඉදිරිපත් කිරීම සලකා බැලීමට නීතිපති පාස්කු කොමිසමේ සම්පුර්ණ වාර්තාව ඉල්ලයි.

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් අද දිවයිනට

colombotoday