Colombo Today Local News

රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයත් චීනයට !

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය චීන සමාගමකට ලබා දීමටත් එහි දැනට පවතින පසුතල නිර්මාණ ඇල්පිටිය ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ටෙලි සිනමා ගම්මානය දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් ලෙස සලකා මෙසේ චීන සමාගමකට පවරා දීමට කටයුතු කරන අතර අදාළ චීන සමාගම රන්මිහිතැන්න සතුව පවතින අක්කර 235 ක භූමි ප්‍රමාණය ද ප්‍රමාණවත් නොවන බව දන්වා ඇත.

රන්මිහිතැන්න මිලදී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති චීන සමාගමේ දේශීය ඒජන්තයා වන්නේ හිටපු එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතායි.

රන්මිහිතැන්නේ අක්කර 235ට අමතරව තවත් අක්කර 765 ක් ද ලබා දෙන ලෙස චීන සමාගම ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව චීන සමාගම විසින් ස්ථාපිත කිරීමට නියමිත ටෙලි සිනමා ගම්මානය සඳහා අක්කර දහසක භූමියක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත.

රන්මිහිතැන්න අවටින් ඉල්ලා ඇති එම ඉඩම් ප්‍රමාණයට රාවණා බලකොටුව ආශ්‍රිත වෙරළ කලාපය ද ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.

අදාළ ඉඩම් ලබා දීමට පියවර ගතහොත් යාල වනාන්තරය ආශ්‍රිත වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ද ඊට ඇතුළත් වනු ඇත.

අවසන් තීරණයක් ගෙන නැ :

චීන සමාගමට අදාළ ඉඩම් ලබා දීම සඳහා දැනට රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ඇති පසුතල ආකෘති ඇල්පිටිය ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට අමාත්‍යවරයකු ඇතුළු කලාකරුවන් කණ්ඩායමක් උත්සාහ කරමින් සිටින බව ද දැනගන්නට ඇත.

එම එකඟතාව මත චීන සමාගම ඉල්ලා ඇති ඉඩම් ප්‍රමාණය ලබා දීමට ද සැලසුම් කර ඇතැයි පැවසේ.

රන්මිහිතැන්න චීන සමාගමට ලබා ගැනීමට යෝජනා කර ඇද්දැයි පාලිත කොහොන මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පැවසුවේ එවැනි කතාබහක් කෙරී ඇතත් චීන සමාගමට අදාළ ආයෝජනය සිදු කිරීම සඳහා දැනට පවතින ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් නැති බව දැනුම් දී ඇති බවයි.

රන්මිහිතැන්න මිලදී ගැනීම සඳහා චීන සමාගම උනන්දුවක් දක්වා ඇතත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැතැයි ද ඒ මහතා පැවසුවේය.

ලේකම් විරුද්ධයි :

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය චීනයට පැවරීම සඳහා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය සූදානමින් සිටිනවා දැයි එම අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතාගෙන් අප කළ විමසීමේ දී හෙතෙම සඳහන් කළේ එවැනි තීරණයක් ගෙන නැති බවයි.

එවැනි තීරණයක් ගතහොත් තමා ඊට පළමුවෙන්ම එරෙහි වන බව ද ඔහු කීවේය. කෙසේ වුව ද එවැනි කතාබහක් සිදු වුණාදැයි තමන් නොදන්නා බව ද හෙතෙම පැවසුවේය.

රන්මිහිතැන්නට කලාකරුවන්ට යාමට ඒමට දුර වැඩි නිසා එම ආකෘති ඇල්පිටිය ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කරන්නැයි කලාකරුවන්ගෙන් යෝජනා කෙරී තිබූ බව හෙතෙම කීවේය. කෙසේ වුව ද ඒවා කතාබස් මිස අවසන් නිගමන නොවන බව ද ලේකම්වරයා අවධාරණය කළේය.

2010 මාර්තු 30 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ටෙලි සිනමා ගම්මානය විවෘත කරනු ලැබූ අතර පළමු අදියර සඳහා රුපියල් මිලියන 600 ක් වැය කර තිබිණි.

එහි II සහ III අදියර සඳහා තවත් රුපියල් මිලියන 1500 ක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබිණි.

(සත්හඬ)

Related posts

චීන තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්

colombotoday

පසුගිය අවුරුදු 10ට 27000 ක් මාර්ග අනතුරුවලින් මිය යයි. – හේතුව ඇමති සරත් වීරසේකර කියයි.

colombotoday

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday

“මේ ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා”.. රාජිතගේ පොටෝ එකක් පෙන්වා රන්ජන් කියයි !

colombotoday

රෑට රෑට හොරෙන් හදන කළුබෝවිල මුස්ලිම් පල්ලිය ගැන කීවාට එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් පොලීසි යයි !

colombotoday

වැඩිහිටියන් රැකබලා ගන්න ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්

Admin