හම්බන්තොට වරායේ සේවක විරෝධය අවස්ථාවේ ඊට නාවික හමුදාව සිදුකළ මැදිහත්වීමේදී ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් සැකසූ වාර්තාවක් නාවික හමුදාපතිවරයා විසින් අද (15) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී බාරදෙන ලදී.
ඉන්පසු මාධ්‍ය ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ හම්බන්තොට වරායේ ආරක්ෂාව නාවික හමුදාවට බාර දෙන බවයි. ඒ සඳහා වරාය තුළ නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එසේම මත්තල ගුවන් තොටුපොළේ ආරක්ෂාව ගුවන් හමුදාවට බාර කිරීමට රජය තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවැසීය.