Colombo Today Local News

වරාය විකිණීමට එරෙහිව ඉදිරිපත් කළ, කුණු කූඩයට වැටුණු කැබිනට් පත්‍රිකාව මෙන්න

haboure-126හම්බන්තොට වරයා චීන සමාගමක් වෙත පැවරීමෙන් මතුවන බරපතල ගැටළු ගණනාවක් ඉස්මතුකරමින් එවකට වැඩබලන වරාය හා නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් පසුගිය නොවැම්බර් 03 පැවති අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් (කැබිනට් පත්‍රිකාවක්) ඉදිරිපත් ඉදිපත් කර ඇත.

මෙම යෝජනාව මගින් චීන ආයෝජකයාට සමාගමේ බහුතර පාලන බලයක් ලැබෙන බවත් හම්බන්තොට වරායේ සම්පූර්ණ පාලන කටයුතු එම සමාගමට හිමිවන බවත් එම සංදේශයේ සඳහන් කර තිබේ. මෙහිදී ඉඩම් හිමිකරු සහ වරාය මෙහෙයුම්කරු ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දැනට උපයා ගනු ලබන මෙහෙයුම් කළ ටොන් ප්‍රමාණය සඳහා අයවිය යුතු ගාස්තු, වාප්පු සහ නාවික සේවාවන්ගෙන් ලැබෙන ආදායම් ආදියද නව සමාගමට ලැබෙන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙනුයේ දිවයින වටා පිහිටා ඇති ප්‍රදීපාගාර නඩත්තුව වෙනුවෙන් ලැබෙන්නා වූ ප්‍රදීපාගාර ගාස්තු පමණක් බවත් එහි සඳහන් කර තිබේ.

හම්බන්තොට වරාය මෙලසෙ විදේශීය සමාගමක් වෙත පැවරීමෙන් මතුවන බරපතලම ගැටළුව මෙම අමාත්‍ය මණ්ඩලයට සංදේශයේ 09වන අංකය යටතේ සඳහන් කර ඇති අතර එහි සඳහන් වන්නේ “රටක ජාතික ආරක්ෂාවේ වැදගත් අංගයක් ලෙසට වරායන් සැලකිය හැකි අතර අතීත අත්දැකීම් සැලකිල්ලට ගතහොත් වරායේ සමස්ත පාලනය රජය සතු විය යුතුය. එබැවින් ප්‍රධාන මුහුදු මාර්ගයන්ට ආසන්නව උපායමාර්ගිකව පිහිටා ඇති හම්බන්තොට වැනි වරායක් පවරාදීම මගින් අප රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේ” යනුවෙනි.

තමන් වැඩබලන වරාය හා නාවික ඇමතිවරයා ලෙස මෙම සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමේදී වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග සාකච්ඡා කළ බවත් අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙම සංදේශය ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දුන් බවත් සඳහන් කරමින් නිශාත්න මුතුහෙට්ටිගම මහතා විසින් මෙම සංදේශයට සටහනක්ද යොදා තිබේ.

hambantota-port-01hambantota-port-02hambantota-port-03

Related posts

දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

Admin

මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේ

Admin

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

colombotoday

මිළ කළ නොහැකි ඉපැරණි ඖෂධ වට්ටෝරු නොමිළේම ඇමරිකාවට !

colombotoday

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

colombotoday

යළිත් ඉන්ධන මිල අඩු වෙයි?

colombotoday