World

පූටීන්ගේ සමීප හිතවතෙක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වෙයි

32632hghgඑක්සන් මොබීල් ඛණිජ තෙල් සමාගමේ ප්‍රධානී රෙක්ස් ටිලර්සන් සිය පරිපාලනයේ රාජ්‍ය ලේකම් පදවියට පත් කරන බව ඇමෙරිකානු ජනපති පදවියට පත්කරන තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සනාථ කළේය.

64 හැවිරිදි රෙක්ස් ටිලර්සන් ලොව ‘ඉතාමත් සාර්ථක ව්‍යාපාරික නායකයකු’ බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ඔහු රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බව විශ්වාස කෙරෙන අතර, ඒ පිළිබඳව ඇතැම් රිපබ්ලිකන් නායකයෝ ප්‍රබල අවධානය පළ කරති.

ඔහු රාජ්‍ය ලේකම් පදවියට පත්කිරීම ඇමෙරිකානු සෙනෙට් සභාව විසින් අනුමත කළයුතුව තිබේ.

රාජ්‍ය ලේකම් පදවියට නම් කිරීම තමන්ට ගෞරවයක් බව පවසන රෙක්ස් ටිලර්සන්, ‘ඇමෙරිකා එක්සත් ජනපදය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය යළි ගොඩනැංවීම සහ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව සහතික කිරීමේ’ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දර්ශනය තමා අනුමත කරන බවත් සඳහන් කළේය.

ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළ කිරීම පිණිස ඡන්දදායකයන් පොළඹවා ගැනීම පිණිස රුසියාව මැදිහත්වූ බව ඇමරිකානු රහස් ඔත්තුසේවා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මගින් සනාථ කර තිබේ.

එහෙත් එම ආයතනවල වාර්තාව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.

(බිබිසි සංදේශය)

Related posts

ඇෆ්ගනිස්ථානයේ පාසලක් ඉලක්කකර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | 40 දෙනෙකු මරුට. බහුතරය ශිෂ්‍යාවන්

colombotoday

ඉන්දීය සෙබළුන් 40කට මරු කැදවූ මොහොමඩ් බායි ත්‍රස්තයා මරා දමයි..

colombotoday

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

colombotoday

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

colombotoday

කොරෝනා සුව වූ රෝගීන්ට යළි වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් – දකුණු කොරියාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි

colombotoday

ඇමරිකාවේ ජනපති පුටුවට කරට කර සටනක්

colombotoday