Colombo Today Local News

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද.. නෑනේ

maithripala-sirisena-620x3601

කොළඹදී ඊයේ පැවැත්වූණ දූෂණ විරෝධී සමුළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් පිළිබදවඅදහස් පළකලා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩිකළ යුතු ද නැද්ද යන්න එහිදී සාකච්ඡාවට ගැනුණා.එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ කුමන පුද්ගලයින්ද පාරිලිමෙන්තුවට අවශ්‍ය, ඔවුන්ට හරියම් පඩියක් ගෙවන්න සූදානම්ද යන්න පිළිබඳව රට තීරණයක් ගත යුතු බවයි.එමෙන්ම සෑම මන්ත්‍රීවරයෙකුම හොරෙක් නොවන බවද ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ අප රටේ ආර්ථික තත්වයත් සමග මැති ඇමතිවරුන්ට මෙන්ම රාජ්‍ය නිළධාරීන්ට පඩි වැඩිකළ හැකිද යන්න ගැටලුවක් බවයි.

‘‘දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද නෑනේ මට හම්බවෙන්නේ සියලු දීමනා ඔක්කොමත් එක්ක මාසෙකට රුපියල් 95 000යි. එතකොට මම කොහෙත්ම කියැන්නෑ මගේ වැටුප වැඩි කරන්න කියලා මම ඉල්ලන්නෙත් නෑ‘‘ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සෑම ආයතනයක්ම අපක්ෂපාතීව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත අවධාරණය කරනවා. අල්ලස සහ දූෂණය වළක්වාලීම සඳහා වඩා වැදගත් වන්නේ වරදකරුවන්ට දඬුවම් දීම නොව එවැනි වැරදිවලට පෙලඹීමට හේතුවන කරුණු නිවැරදි කිරීම බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

Related posts

“රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් තියනවා “

colombotoday

වයස 14 සිසුවාට හදි කළ පොහොට්ටු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට….

colombotoday

විජයදාස ජනපති කොමිසමට…

colombotoday

පුරාවිද්‍ය සංරක්ෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.. පුරාවිද්‍යා බලධාරීන්ට ජනපති දින දෙයි ! (Video)

colombotoday

මේ ආණ්ඩුව දැන් කෙලින් කරන්න බැරි බලු නකුටක් වගේ – හිටපු අගමැති

colombotoday

මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇවිලේ

colombotoday