Colombo Today Local News

යහපාලන සමාදාන තාප්පයක්, සාම කුළුණක් උතුරේ හැදෙයි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පහළට දැමේ

උතුරු දකුණු සංහිඳියාව වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් දකුණු පළාතේ ස්වාමීන් වහන්සේලා උතුරු පළාතේ කෝවිල් වෙත ඊයේ (06) වැඩම කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාතෙන් ස්වාමීන් වහන්සේලා තුන්නමක් වැඩමකළ අතර එම ස්වාමීන් වහන්සේලා වනුයේ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙන් අධ්‍යක්ෂක පුජ්‍ය අකුරැටියේ නන්දනායක ස්වාමීන් වහන්සේ, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය නාගොඩ අමරවංශ ස්වාමීන් වහන්සේ, එක්සත් රාජධානියේ ජේතවන විහාරාධිපති පුජ්‍ය ගුණවංශ යන ස්වාමින් වහන්සේලායි.

මෙම සංචාරය සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේද සහභාගි වූ අතර මෙම පරලයි ඊශ්වර විනායගර් ගණපති කෝවිලේ ඉදිකර ඇති සාම තාප්පය හා සර්ව ආගමික කුළුණද ස්වාමීන් වහන්සේලා විසින් නිරීක්ෂණයට ලක් කල අතර

එසේම එම ස්ථානයේ ස්ථාපිත කර ඇති සර්ව ආගමික කුළුණේ හින්දු, බෞද්ධ, කතෝලික, මුස්ලිම් යන සියලූම ආගම් නියෝජනය වන පරිදි ලාංඡන නිර්මාණය කර තිබීමද මෙහිදී දක්නට ලැබිණ.

මේ අතර එම සාම කුළුණේ බුද්ධාගම නිරූපණය කරන ධර්මචක්‍රය අනෙකුත් ආගම්වලට පහලින් නිර්මාණය කර තිබීම පිළිබදව සමාජ ජාල ඔස්සේ දැඩි විවේචනයක් එල්ලවෙමින් පවතී. කුළුනේ ඉහළින්ම ඉස්ලාම් ආගම නිරූපණය කර ඇති අතර පිළිවෙලින් පහළට කිතුණු ආගම, බෞද්ධාගම, සහ හින්දු ආගම නිරූපණය කර ඇත.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බවට ව්‍යවස්ථාවේම සදහන්ව තිබියදී රටේ සංහිදියාව වෙනුවෙන් හැදූ සංඛේතයක අන්‍යාගම්වලට පහල තැනක බුද්ධාගම නිරූපණය කිරීමෙන් පිලිබිඹු කරන්නේ වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ බෞද්ධ ජනතාවට ලබා දී ඇති තැනදැයි සමාජ ජාලා ඔස්සේ අදහස් දක්වමින් බොහෝ දෙනා ප්‍රශ්නකර සිටිති.

Related posts

යුද අපරාධ චෝදනා නිරුත්තර කරන ‘විරුවන්ගේ විත්ති වාචකය‘ ගෝඨාට !

colombotoday

කාර්මික දෝෂයකින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි.. ඉදිරි පැය 6ක අවදානම්

Admin

“හමුදාපතිට නඩු දාන බවක් මා දන්නේවත් නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin

විපක්ෂ මන්ත්‍රීන් දඩයටම ආණ්ඩුවෙන් අල්ලස්.. තීරුබදු රහිත වාහනයට අමතරව තව සැප රියක් දෙන්න යයි

colombotoday

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

colombotoday