Colombo Today Local News

“බෞද්ධ භික්ෂූන්ට මඩකලපුව තහනම් කළේ සාමය ආරක්ෂා කිරීමටයි“ – අධිකරණ ඇමති

vijedasa-rajapaksha

පසුගිය 03 වනදා බෞද්ධ සංවිධාන කිහිපයක පිරිසකට මඩකලපුවට ඇතුළු තහනම් කළේ සාමය ආරක්ෂා කිරීම සදහා යැයි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව සදහන් කළේ ඊයේ (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි.

බොදු බල සේනා සහ තවත් සංවිධාන කිහිපයක් එකමුතුව පිහිටුවාගෙන ඇති “ශාසනාරක්ෂක සභාවේ“ පිරිසක් මඩකලපුව මංගලාරාමයේ ආගමික වැඩසටහනක් සදහා සහභාගී වීමට යමින් සිටියදී පොලීසිය විසින් වැලිකන්ද ප්‍රදේශයෙන්දී ඔවුන්ගේ ගමන අවහිර කරනු ලැබුවා.

අදාල සංචාරය පිළිබදව සමාජ මාද්‍ය හරහා දීර්ඝ ලෙස කරුණු වාර්තා වූ බවත්, අදාළ පිරිසට පිරිසට, බෞද්ධ නොවන උදවිය විසින් ප්‍රහාර එල්ල කිරීමට සූදානමක් පැවති බව වාර්තාවූ බැවින් සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන්ට මඩකලපුවට ඇතුළුවීම තහනම් කිරීමට රජය කටයුතු කල බවයි ඇමතිවරයා කියා සිටියේ.

Related posts

වැඩබලන ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර

Admin

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

colombotoday

“අපේ ස්ථාවරයේ වෙනසක් නෑ.. ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් ඕනමයි” – TNA

colombotoday

“මාස හතරක් ගියත් අප රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙළක් නැහැ”

colombotoday

අන්තවාදය ගැන ඥානසාර හාමුදුරුවෝ කියන බුද්ධිමය සංවාදය කතෝලික සභාවත් ඉල්ලයි.

colombotoday

අන්තවාදී අල්-ජසිරා ශ්‍රී ලංකාවට යලි පහර දෙයි. මෙවර කේලාම් කියන්නන්ගේ නම් සඳහන් නොකරයි. ආදාහනය අනිවාර්ය කිරීම ඉස්ලාම් භීතිකාවේ නින්දිත ක්‍රියාවක්ලු.

colombotoday