Colombo Today Local News

“ජනපති උපතින්ම එජාප විරෝධිකේ… පොදු සතුරා එජාපයයි“ – බස්නාහිර මහඇමති

isura-devapriyaජාතික ආණ්ඩුවක් ලෙස එක්ව කටයුතු කළද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා එක්සත් ජාතික පක්ෂය වන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා.

ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම සඳහන් කළේ “අපි ජාතික ආණ්ඩුවේ හිටියට අපේ පොදු හතුරා එක්සත් ජාතික පක්ෂයයි. එජාපයේ දේශපාලන වශයෙන් පොදු හතුරා තමයි ශ්‍රීලනිපය. ජාතික ආණ්ඩුවේ හිටියට දෙපැත්තට විවේචන එල්ල වෙනවා. ජනාධිපතිතුමා බලයට එන්න එජාපයේ සහයෝගය ගත්තට එතුමා උපතින්ම එජාප විරෝධියෙක්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ ජනාධිපතිතුමාට තිබෙන අවශ්‍යතාවය පලුදු කරන්න කාටවත් බැහැ.” යනුවෙනි.

මෙවර අයවැයෙන් පළාත් සභාවල ප‍්‍රතිපාදන කප්පාදු කිරීම තුළින් එම කරුණ තහවුරු වන බවයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. පළාත් 09 යෙන් පළාත් 07 ක බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවත් මැතිවරණයක් ළඟ එන අවස්ථාවක ප්‍රතිපාදන කප්පාදුව හරහා එජාපයේ දේශපාලන අවශ්‍යතාව පැහැදිළි වන බවත් ඔහු සඳහන් කළා.

Related posts

රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමතිලා හතරක් යහපාලන කැබිනට්ටුවේ…

colombotoday

ලාල් කාන්ත ප්‍රදර්ශනයට තියන්න යන දේ

Admin

අගවිනිසුරු පත්වී ඇත්තේ එජාපයේ උවමනවටයි – ඒ පිටුපස රාජ්‍ය නොවන සංවිධාන

colombotoday

හදුනා නොගත් උණක් පැතිරෙයි

Admin

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

colombotoday