Colombo Today Local News

මව්බිමේ රොත්තක් බැදුම්කර මාධ්‍ය ජාලයට.. රනිල් 2020 ජනපති කරවන මාධ්‍ය මෙහෙයුම ඇරඹෙයි

mawubi232මහබැංකු බැඳුම්කර වංචාවට චෝදනාවට ලක්ව සිටින අර්ජුන් ඇලෝසියස් විසින් ලබන වසර මුලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජාතික පුවත් පත් ජාලයට ‘මව්බිම’ පුවත්පත් ආයතනයේ සේවය කරන ලද සේවකයින් 21 දෙනෙකු පමණ අද දිනයේ එක්ව තිබේ.

මව්බිම පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ තුෂාර ගුණරත්න මහතා හා ‘ඉරිදා මව්බිම’ පුවත්පතේ කර්තෘ උපුල් ජෝසෆ් ප්‍රනාන්දු මහතා මෙම නව පුවත්පත් ආයතනය ආරම්භ කිරීම සඳහා මිට සති කිහිපයකට පෙර එක්විය.

මෙම නව මාධ්‍ය ජාලයට එක්වන මාධ්‍යවේදියකු රුපියල් ලක්ෂයක අවම වැටුපක් හා ගමන් පහසුකම් වෙනත් ප්‍රතිලාභ රැසකට හිමිකම් ලබයි.

ඒ අනුව ලංකාදීප, රිවිර හා ලක්බිම පුවත්පත් ආයතනවලින් ද සේවකයින් විශාල පිරිසක් ද ඉදිරිදින කිහිපයේදී අර්ජුන් ඇලෝසියස් මහතාගේ පුවත්පත් ජාලයට එක්වීමට නියමිතය.

අර්ජුන් ඇලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් ආරම්භ කරන මෙම පුවත්පත් ජාලයේ ඉලක්කය ‘ලංකාදීප’ පුවත්පත වෙත ඇති ආකර්ෂණය අත්පත් කර ගැනීම බවත් ඒ සූදානම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා අදාළ ආයතනය වෙත සුබපතා ඇති බව ද වාර්තා වෙයි.

මේ අයුරින් රුපියල් බිලියන ගණනක ආයෝජනයක් සහිතව මෙම මාධ්‍ය ජාලය පිහිටුවන්නේ 2020 වසරේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව ජනාධිපතිවරයා කරවීමේ මාධ්‍ය ක්‍රියාන්විතය සඳහා බව ද පැවසේ.

Related posts

එන්නත නොගත් පෞද්ගලික බස් සේවකයන්ට අගෝස්තු 15න් පසු රැකියා නෑ

colombotoday

ඇමරිකා-ශ්‍රීලංකා ආරක්ෂක ගිවිසුම සූදානම්, රට නැවතත් යටත් විජිතයක් වීමේ අවදානමක් ගැන ජවිපෙන් හෙළිදරව්වක්…

colombotoday

මියගිය කොටින් සමරන්න ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලයි

colombotoday

අද කැබිනට් සංශෝධනයෙන් පුරාවිද්‍යාව අකිලගෙන් ඉවත් කෙරේ?

colombotoday

දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරියා මිය යයි

Admin

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

colombotoday