Colombo Today Local News

උතුරු මැද මහ ඇමතිට කෝටි 4ක සැප වාහනයක්.. අතහිත මහ භාණ්ඩාගාරයෙන්

ආණ්ඩු කිහිපයක පාලනය යටතේ නොවිසඳුණු ගැටලු දහසක් හමුවේ ජනතාවට විසඳුම් නොලැබෙද්දී උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 420 (මිලියන 42ක්) වියදමින් වී – එයිට් වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර් රථයක් ඇණවුම්කර තිබෙන බව උතුරුමැද පළාත් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරුමැද පළාත් සභාවේ නිල කාලසීමාව අවසන් අදියරේ තිබියදී මෙතරම් විශාල මුදලක් වැයකර ජපානයේ නිෂ්පාදිත අධිසුඛෝපභෝගී ජීප් රථයක් මෙරටට ආනයනය කිරීමට පළාත් සභාවේ ඉහළ රජ්‍ය නිලධාරියෙකු පසුගියදා අනුමැතිය ලබාදෙමින් ඊට අත්සන් යොදා තිබෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

මීට මාසයකට පමණ ඉහතදී එම අධිසුඛෝපභෝගී ජීප් රථය ප්‍රධාන අමාත්‍යධුරය සඳහා ඇණවුම් කර ඇති අතර තවත් සති තුනක පමණ කාලයකදී එය මෙරටට ගෙනඒමට නියමිතය.

මේ පිළිබඳව උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ අදහස් පළකළේය.

“මම දැනට භාවිතා කරන වාහනය 2008 වසරේදී එවකට මහ ඇමති බර්ටි ප්‍රේමලාල් මහතා ගෙන්වා භාවිතා කොට අනතුරුව පත්වූ රංජිත් සමරකෝන් මහ ඇමතිවරයාත් භාවිතා කළ වාහනයක්. එය එක් වතාවක් අනතුරටත් පත්ව තිබෙනවා. එය මේ වෙද්දී කිලෝමීටර් 550,000ක් ධාවනය කොට තිබෙනවා.

“අලුතෙන් ගෙන්වන රථයට පළාත් සභාවේ කිසිදු මුදලක් වැය කළේ නැහැ. ඒ සඳහා මුදල් ලබාදුන්නේ මහා භාණ්ඩාගාරයයි. මේ වාහනයේ සාමාන්‍ය වටිනාකම ලක්ෂ 70ක් පමණ වනවා. ලක්ෂ 350ක් රජයේ බදු ලෙස අයවූ පසුවයි එහි වටිනාකම ලක්ෂ 420ක් බවට පත්ව තිබෙන්නේ”

Related posts

තමන් සතු විදේශ මුදල් තැන්පත් කිරිමට හා විකිණීමට පොදු සමාකාලයක්..

colombotoday

ශ්‍රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට

colombotoday

සහල්, පොල් වගේම එළවලුත් පිට රටින් ගෙන්වන්න සූදානම් – අගමැති

colombotoday

‘හමුදාවේ මීහරකුන්ට දඩුවම් කල යුතුයි‘ – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin

ආප්ප කාල පැන්න සිරිසේන සත පහකට විශ්වාස කරන්න බෑ !

colombotoday