මෙරට හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමේ කිසිදු ඉඩකඩක් නැතැයි දැඩිව විශ්වාස කරන බව ඇමති එස්.බී. දිසානායක මහතා ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ රටතුළ ප්රජාතන්ත්රවාදය තවදුරටත් මර්දනය කළහොත් හමුදා කුමන්ත්‍රණයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් (19) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පිළිබදව අදහස් දක්වමිනි.
ඉන්දියාව සමග මිත්‍රව සිටින තාක් එවැනි දෙයකට කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයිද ඔහු සදහන් කළ අමාත්‍ය වරයා යම් හෙයකින් එවන් කුමන්ත්‍රණයක් සිදු වුවහොත් එය මැඩලීම සදහා ඉන්දියාවෙන් නැවු දෙකක් එවීම පමණක් ප්‍රමාණවත් බවද අවධාරණයකර සිටියේය.