Colombo Today Local News

“දෙරණ“ ට විශේෂ විමර්ශනයක් ! ජනමාධ්‍ය ලේකම්ගෙන් තවත් ආන්දෝලනාත්මක ලිපියක්

bopage232මාධ්‍ය නිදහස අවභාවිතා කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශයට එරෙහිව ද්වේශ සහගත මාධ්‍ය මෙහෙයුමක් දියත් කළ බවට චෝදනා කරමින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන බව දන්වා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එකී නිවේදනය සම්පූර්ණයෙන් පහත පරිදිය.

මාධ්‍ය නිදහස අවභාවිත කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශයට එරෙහිව දෙරණ මාධ්‍ය ජාලය විසින් දියත් කරනු ලබන ද්වේශ සහගත මාධ්‍ය මෙහෙයුම පිළිබඳ සත්‍ය කතාව.

2016 ඔක්තෝබර් 12 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති “සත්විරු සංහිඳ” උත්සවයේදී ගරු ජනාධිපතිතුමන් විසින් කරන ලද කතාව, එහි හරය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කොට එදින රාත්‍රී සිය ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ දෙරණ රූපවාහිනී නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද බවට ලැබුණ පැමිණිල්ලකට අදාළව අප අමාත්‍යංශය විසින් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලදී.

එහිදී එකී විමර්ශන කමිටුව විසින් ගරු ජනාධිපතිතුමාගේ මුල් කතාවද දෙරණ රූපවාහිණිය විසින් සංස්කරණය කොට විකාශය කළ කොටසද සියුම්ව පරීක්ෂා කොට ඒකමතිකව තීරණය කර ඇත්තේ උක්ත පැමිණිල්ලෙන් පෙන්වා දුන් පරිදි දෙරණ රූපවාහිණිය විසින් එහි ප්‍රධාන කොටස් කිහිපයක් හරය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කොට ප්‍රචාරය කර ඇති බවයි.

ඒ අනුව ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර ස්වාභාවික යුක්තියේ මූලධර්ම ගරු කරමින් එකී කමිටු තීරණය දෙරණ රූපවාහිනී නාලිකාවට දන්වා ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන ලදී.එය මීට පෙරද විවිධ මාධ්‍ය ආයතන වලට එරෙහිව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අප අමාත්‍යංශය අනුගමනය කළ සාමාන්‍ය ක්‍රියාමාර්ගය වූ අතර ඊට රාජකාරි මට්ටමින් ප්‍රතිචාර දක්වා අදාළ ගැටලු නිරාකරණය කර ගැනීමට එකී ආයතන කටයුතු කළා මිස ඒ පිළිබඳ “නීති විරෝධී මාධ්‍ය සංදර්ශන”පැවැත්වීමක් සිදු නොවීය.

එහෙත්උක්ත ලිපියට සිය ප්‍රතිචාර ඇතුළත් පිළිතුරු ලිපියක් ඉදිරිපත් කරනවා වෙනුවට දෙරණ රූපවාහිනී අයතනය විසින් තම රූපවාහිනී නාලිකාවේද, ගුවන් විදුලි නාලිකාවේද, වෙබ් අඩවියේද, තම ෆේස්බුක් පිටු ඇතුළු සමාජ ජාල වලද එම ලිපිය ප්‍රසිද්ධියට පත් කරමින් අප අමාත්‍යංශයටද, රජයටද, පෞද්ගලිකව මා හටද අපහාසාත්මක ආකාරයේ දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කොට එය මේ වන තුරුත් දියත් කරමින් සිටින ආකාරය නිල කටයුත්තක් සඳහා විදෙස්ගතව සිටින මා හට අන්තර්ජාලය ඔස්සේ දැකගන්නට ලැබුණි.

ඒ අනුව අධ්‍යාපනය, දැනුම, විනෝදාස්වාදය හා රසඥතාවය සිය ප්‍රේක්ෂකයාට සමබරව ලබාදෙමින් නිරවද්‍යතාවයෙන් හා සද්භාවයෙන් යුක්ත තොරතුරු සම්පාදනය ඔස්සේ වඩා විශ්වාසනීයත්වයක් සහිතව තම මාධ්‍ය මෙහෙවර ඉටුකළ යුතු බවට සියලු මාධ්‍ය ආචාරධර්ම වලින් තමන් බැඳී සිටියදී ඒ කිසිවක් කෙරෙහි සිය ගරුත්වය නොදක්වාතම මාධ්‍ය බලපත්‍රයේ අඩංගු කොන්දේසි වලටද පටහැනිව මාධ්‍ය නිදහස හාමහජන සංඛ්‍යාත අවභාවිත කරමින් සිදු කරනු ලබන මෙකී නීති විරෝධී හා අචාරධර්ම විරෝධී හැසිරීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මෙයින් දන්වා සිටින අතර මාධ්‍ය නිදහසට මුවා වී නීතිය ඉක්මවා කටයුතු කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවද අවධාරණය කරමි.

කේ.පී. ජයන්ත/ලේ:නීතීඥ නිමල් බෝපගේ
අධ්‍යක්ෂ (මාධ්‍ය )ලේකම් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය

Related posts

කම්සැප විදින්න කෝටියක ත්‍රීවිල් උස්සලා

Admin

2005 පටන් කාපු බීපු හැටිත් මගෙන් අහනවා.. ඒ ගැන කියන්න මේ දවස්වල හට්ටි මුට්ටි ගණන් කරනවා

colombotoday

සජබය කළු ඇඳන් මැතිසබයට

Admin

කලාඔයේ දියනෑමට ගිය දරුවෙක් මරුට

Admin

සහල් ආනයනට පෞද්ගලික අංශයට අවසර

Admin

විමල් සහ ගම්මන්පිල පන්නා දැමු බව ජනපති මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.

colombotoday