World

දුරකථනයෙන් අමතා පූටීන් ට්‍රම්ප්ට කියූ දේ !

අමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ.

විදෙස් වාර්තා පවසන ආකාරයට මේ දෙදෙනාගෙන් කවර පාර්ශවය දුරකථන ඇමතුම සඳහා මුලපිරුවේදැයි නිශ්චිතව තහවුරු වී නැත.

මැතිවරණ ව්‍යාපාරයෙන් ලද ජයග්‍රහණය ගැන රුසියානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබපතා ඇති බව එම වාර්තා අනාවරණය කළේය.
තමාට ලබාදුන් සහයෝගය අගය කරන බව එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපතිට පවසා ඇතැයි සඳහන්ය.

එසේම දෙදෙනා අතර කඩිනම් හමුවක් සිදුවිය යුතු බවත්, ඒ සඳහා දිනයක් පසුවට නියම කර ගැනීමට ද ඔවුන් එකඟ වී ඇති බවත්, වාර්තා වෙයි.

බැරැක් ඔබාමා පාලනය යටතේ රුසියාව සමග බිඳ වැටුණු මිත්‍රශිලි සබඳතා තර කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානමින් සිටින බවද එම වාර්තා අනාවරණය කරයි.

Related posts

පිලිප් කුමරු රෝහල් ගතකරයි

colombotoday

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

colombotoday

video: රුසියාවේ කෘස් මිසයිල 18ක් ISIS 600ක් මරා දමයි – කැස්පියන් මුහුදේ යුධ නැව්වලින් දැඩි ප්‍රහාර

colombotoday

රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි

Admin

චීනයේ ලොක්ඩවුන් ඉවත් කිරීමෙන් කොවිඩ් රෝගීන් වැඩිවෙලා

Admin

ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ළමුන් යොදාගැනීමේ වර්ධනයක්

colombotoday