World

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

trump232

තමා ජනපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව නීතිවිරෝධි සංක්‍රමණිකයන් මිළියන දෙකක් – තුනක් අතර ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඇමරිකාවේ සීබීඑස් (CBS) රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

අපරාධකරුවන් පාතාල කල්ලි සාමාජිකයන් සහ මත් ද්‍රව්‍ය ජාවාරම වැනි අපරාධවලට සම්බන්ධවූ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ඩොනල්ඩ් ට්‍රුම්ප් මෙහිදී කියා සිටියේය. දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව මිලියන අටක් වූ ඉතිරි සංක්‍රමණිකයන්ගේ ඉරණම පිළිබඳව තීරණය කරන බව ඔහු පැවසීය.

“හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගැටළුව ගැන සෙවීමට විමර්ශණයක් පැවත්වීම ගැන සිතා බලනවා.සුළු ජාතීන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් කනගාටු වෙනවා.ඒවා නවත්වන ලෙස මා රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.“යැයිද ඔහු පැවසීය.

තමන් ජනපති වූ පසුව ඇමරිකාවේ සිටින අනවසර මුස්ලිම් සංක්‍රමණිකයන් පිටුවහල් කරන බවත්, මැදපෙරදිග කළාපයෙන් සංක්‍රමණය වන පිරිස් ඇමරිකාවට ඇතුළු කර නොගන්නා බවත් ජනපතිවරණ වේදිකාවේදී ඔහු ප්‍රකාශ කර තිබිණි.

Related posts

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානව ගුවන්ගත වෙයි

colombotoday

දරා ගත නොහැකි කැනඩාවේ උෂ්ණත්වයෙන් මිය ගිය පිරිස 719ක් දක්වා ඉහළට

colombotoday

Video – ISIS ත්‍රස්තවාදය නිසා සංක්‍රමිකයන්ට හන්ගේරියාවෙන් ප්‍රහාර

colombotoday

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday

මානව හිමිකම් නිරීක්ෂකයන් පිලිපීනයට එව්වොත් මම ඔවුන්ගේ ඔලු පළනව – පිලිපීන ජනපති අනතුරු අගවයි

colombotoday

ගුවන් යානයක් කඩා වැටීමෙන් 100කට අධික පිරිසක් මරුට…

colombotoday