Colombo Today Local News

යහපාලනයට බැට දුන් චීන තානාපති විදේශ කටයුතු අමාත්‍යාංශයට කැදවා තරවටු කරන්න යයි !

china-slශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ලියෑන්ලන් මහතා ශ්‍රී ලංකාවේ නව රජය විවේචනය කරමින් පසුගියදා සිදුකළ කතාව පිළිබඳ රජයේ බලවත් කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා ඔහු විදේශ කටයුතු අමාතාංශයට කැඳවීමට එම අමාත්‍යාංශය සූදානම් වෙයි.

ඉන්දීය සංචාරයකට එක්ව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා නැවතත් ලංකාවට පැමිණි පසු මෙම සතියේදී චීන නාතාපතිවරයා කැඳවීමට නියමිත බව වාර්තා වේ.

චීන හා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් පිරිසක් චීන තානාපතිකාර්යාලයේ පැවැති වැඩසටහනකදී ඔහුගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් චීන තානාපතිවරයා රජය විවේචනය කරමින් කරුණු සඳහන් කළේය. එහිදී ඔහු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාද විවේචනය කළේය.

ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගත් ණය පිළිබඳ මෙන්ම චීනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ වැඩමුළුවේදී චීන තානාපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

චීනයෙන් වැඩි පොලියට ණය ලබාගෙන ඇති බවට රජය කළ ප්‍රකාශ පිළිබඳ තමන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසූ බවත්, ශ්‍රී ලංකාවට 2෴ ක පොලියට පවා චීනයෙන් ණය ලබාදී ඇති බවත් චීන තානාපතිවරයා මෙහිදී පැවසීය. චීනයෙන් වැඩි පොලියට ණය ලබාගෙන ඇත්නම් නැවතත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ ඇයිදැයි යනුවෙන්ද ඔහු ප්‍රශ්න කළේය.

චීන තානාපතිවරයා සඳහන් කළ කරුණු පිළිබඳ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මහනුවරදී විවේචනාත්මකව කරුණු සඳහන් කළේය.

Related posts

මන්ත‍්‍රීවරුන් 5ක් එජාපයෙන් නෙරපයි

colombotoday

කොළඹට විශේෂ ආරක්ෂාවක්

Admin

TNA මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් 25කගේ පවුල්වලට රජයේ ඉඩම් ඉල්ලයි

colombotoday

වෙරළාසන්න ඉදිකිරීම්වලට විරුද්ධ වූ හම්බන්තොට ඇමති මුහුදු කටේ හෝටලයක් මිලට ගනී!

colombotoday

“ඡන්දයක් ආවොත් ආණ්ඩුවට ඇපත් නෑ.. මල් පොහොට්ටුව උඩින්ම දිනනවා“ ආචාර්ය නිර්මාල්

colombotoday

ඇමරිකාවත් සෙලවෙයි

Admin