Colombo Today Local News

පිල් මාරුව ඇරඹේ.. මහින්දගේ අලුත් පක්ෂයට එජාප මන්ත්‍රීන් පිරිසක් එක්වෙයි

bazil-5151

මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන බලවේගයට සහය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරු පිරිසක් තීරණය කර තිබේ.

ඒ අනුව මඩකලපුව, කාත්තන්කුඩි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරින් පිරිසක් බත්තරමුල්ල නෙලුම් මාවත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී නව බලවේගයට සහය පළ කිරීමට එක්වන බව ප්‍රකාශ කළහ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වන නොවැම්බර් මස 18 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රටපුරා සියළු මැතිවරණ කොට්ඨාස නියෝජනයවන පරිදි නොවැම්බර් 18 දා එකම නැකතකදී නව දේශපාලන ව්‍යාපාරය බිහි කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

රාජ්‍ය ආදායමෙන් 96%ක්ම ණය ගෙවනවා.. සංවර්ධනයට 4%යි

colombotoday

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

Admin

තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහළ යා හැකි..

colombotoday

දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ නිරාවරණය වෙයි (PHOTO)

colombotoday

ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

තලතා, පූජිත් සහ ධම්මිකා ජනපති විමර්ශන කොමිසමට

colombotoday