සිවිල් සමාජ නමින් පෙනී සිටින සංවිධාන ක්‍රියාකාරීන් පිළිබදව ඇමති ඩිලාන් පෙරේරා තදබල විවේචනයක් එල්ල කරනු ලැබුවා.
හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්නැයි කියන සාධාරණ සමාජ ව්‍යාපාරයේ හාල්පාරු මහාචාරියාට කණ පැලෙන්න ගහන්න ඕනෑ යැයි පැවසූ අමාත්‍යවරයා, එහි සිටින රස්සාව හෙද වෘත්තිය වූ අයෙක් හෙද වෘත්තිය හැර අන් සියලු දේ කරන බවත්, එකී සිවිල් සමාජය නියෝජනය කරන්නවුන් කියාගත් ඇතැමුන් පසුගිය පළාත් සභා මැතිවරණයට එජාපයෙන් තරග වැද පරාජයට පත්වූ බවද කියා සිටියේය.