Colombo Today Local News

“අද අපේ රට පරාධීන තත්වයට පත්වෙලා“ – අතුරලියේ රතන හිමි

rathana-himiඅපේ ර‍ටේ බීජ ආනයනය හා අපනයනය තුළ විෂමතාවයක් තිබෙන බවත්, බීජ යවනවාට වැඩිය බීජ ගෙන්වීමට කටයුතු කිරීම නිසා අපේ රට පරාධීන තත්ත්වයට පත්ව ඇති බවත් පා.ම අතුරලියේ රතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අම්බලන්තොට ප්‍රදේශයේ දී පැවති ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

ඉදිරි කන්න තුළදී කාබනික පොහොර භාවිතා කර වී ගොවිතැන කිරීම සම්බන්ධයෙන් එහිදී ගොවීන් දැනුවත් කිරීමට කටයුතු යොදා තිබුණි.

එහිදී උන්වහන්සේ මෙසේද අදහස් පළ කළේය.

”සාමාන්‍යයෙන් අද අපේ රට ඩොලර් බිලියනයක් විතර ණය තියෙනවා. මේ රට විශාල ණය රටක්. අපි පාරවල් ක්‍රීඩා පිට්ටනි හදලා තිබුණට හුඟක් කල් ඒ ණය ගෙවලා ඉවර කරගන්න ඕන. අපිට ඒ ණය ගෙවන්නේ නැතිව අපිට ණය ගන්න බෑ. දැන් වෙලා තියෙන්නේ පාලකයින් ණය ගෙන ඊළග පාලකයින්ට රටට ඒ ණය ඉතුරු කරන එක. ඒ නිසා අපි විශාල ණය බරිත රටක් බවට පත්වී තිබෙනවා .අපි සංවර්ධන ඉලක්කවලින් 1975 සිට එක පුද්ගල ආදායම වැඩියි කියලා කියනවා හැබැයි අපි 1975 වනවිට අපේ රට විදේශ රටවල් සඳහා ශත පහක්වත් ණය නෑ.

අපි බීජ ගත්තොත් ආනයන අපනයනයේ විෂමතාවයක් තිබෙනවා. පිටරටට යවනවාට වැඩිය අපි ගෙන්වනවා. රබර් ටිකක් යවලා ඩොලර් බිලියන තුනක් හතරක් අපි හොයා ගන්නවා. හැබැයි ඊට වැඩ වැඩි ප්‍රමාණයක් අපේ රටේ විශාල ප්‍රමාණයක් අපි පිටරටින් ගෙන්වනවා. අපි ආහාර විතරක් රුපියල් බිලියන 400 ක විතර ගෙන්වනවා. බිජ රුපියල් බිලියන එකහාමාරක විතර ගෙන්වනවා. ඒ බීජවල ප්‍රශ්නය ගත්තොත් අපේ කෘෂි ආර්ථිකය කොච්චර පරාදීන වෙලාද කියන එක කියනවානම් ඒවා ආපහු පැළ වෙන්නේ නෑ. අබිජනන බීජවල අපිට විශාල බලපෑමක් තියෙනවා.

අද සහලින් ස්වයංපෝෂිතයි කියලා කියනවා. නමුත් එක නොවෙයි ඇත්ත පාන් පිටි කනවා වැඩියි බත් කනවට වැඩිය ජපාන, කොරියාව වැනි රටවල හාල්පිටිවලින් හදන ආහාර දෙදාහක් පමණ තියෙනවා. අපේ රටේ තියෙන්නේ චූන් පාන් අපි හදපු නිෂ්පාදන එකේ නෑ. ගොවි මහත්වරුන්ගේ නිෂ්පාදන නෑ. හාල්පිටිවලින් කැම හදන්න උත්සාහ කරන්නේ නැතිව අපි කළේ පාන්පිටිවලට රජයෙන් සහනාධාරයක් දුන්න එක. එතකොට පාන්පිටි මිල අඩුයි හාල් පිටි මිල වැඩියි. එතකොට ගොවියාගේ නිෂ්පාදන මිනිස්සු කන්නේ නෑ”

– adaderana

Related posts

බඩඉරිඟු ආනයන බද්ද පහළට

Admin

පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !

colombotoday

තවත් මාස හයක්වත් යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදුවනවා – නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව

Admin

විදුලි කප්පාදුවෙන් ආර්ථිකයට බර හානි…

colombotoday

‘සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි’ – අලි සබ්‍රි කියයි

Admin

බන්ධනාගාරගත රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කෙරේ..

colombotoday