Colombo Today Local News

නව ව්‍යවස්ථාවට ජනමත විචාරණ නෑ.. පාර්ලිමේන්තුවම එකතු වී සම්මත කරගන්නවා – චම්පික

champikaඉදිරියේදී ඉදිරිපත් කිරීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රහස් කරුණු ඇතුළත් නොවන බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මැති ඇමති 225 දෙනාගේම ඒකමතික තීරණයක් අනුව සම්මත වන ව්‍යවස්ථාවක් බවත් මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසූයේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුංමගල නාහිමියන් පෙරේදා (10) හමුවූ අවස්ථාවේදීය.

නව ව්‍යවස්ථාව සකස් කරන්නේ මහජනයාගේ අදහස් අනුව බවත්, ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු කරුණක් ව්‍යවස්ථාවට අතුළත් නොකළ යුතු බවට අගමැතිවරයා උපදෙස් ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා මහ නාහිමියන් හමුවේ පැවසීය.

ඉදිරිපත් කිරීමට යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැම් කොටස් අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බවත්, බුද්ධාගමට, ජාතික ගීයට සහ ජාතික කොඩියට ව්‍යවස්‌ථාවලින් මෙතෙක්‌ ලබාදී තිබුණු ස්‌ථානයේ කිසිම වෙනසක්‌ සිදු නොවන බවත් අමාත්‍යවරයා එහිදී අනාවරණය කළේය.

Related posts

මුස්ලිම් ඡන්ද කැඩෙන මධුමාධවගේ ප්‍රකාශයට පොහොට්ටුවෙන් ගල් මුල් !

colombotoday

“ඇමතිවරුන්ට කෝටි 118ක වාහන ගන්න ව්‍යාපෘතිය නවතා නෑ.. රට වටේ යන්න සැප වාහන ඕනමයි” – රාජිත

colombotoday

චීන රජය ප්‍රාදානය කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

colombotoday

මත්පෙති සමඟ දෙදෙනෙක් වටලයි

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

ගොවින් සාධාරණ සහතික වී මිලක් ඉල්ලයි…

colombotoday