Colombo Today Local News

මහනුවර රජ මාවතෙන් අභිරහස් උමගක් මතුවෙයි

මහනුවර – බදුල්ල රජ මාවතේ කන්දහන්දිය, කැප්පෙටියාව ප්‍රදේශයේ දී අඩි තිහක් පමණ ගැඹුරැති උමගක් සොයාගෙන තිබෙනවා. කැප්පෙටියාව ගම්මානයේ ජල ව්‍යාපෘතියක් සදහා කාණු කපමින් සිටියදී මෙම උමං මාර්ගය මතුව තිබෙන්නේ.

උමග හමු වූ ස්ථානය අලවංගුවකින් හාරනවිට එය ගැඹුරට ගිය බවත් තවදුරටත් පරීක්‍ෂා කර බැලීමේදී අඩි 30 ක් පමණ ගැඹුරැති උමං මාර්ගය දුටු බවත් එම ස්ථානයේ වැඩ කරමින් සිටි ප‍්‍රදේශවාසියෙකු සඳහන් කර තිබෙනවා.

පසුව ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙකු උමගට බැස එය නිරීක්‍ෂණය කර ඇති අතර හරස් අතට ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබූ බවයි ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ. එහි කිසිදු අපහසුවකින් තොරව අඩි දහසක පමණ දුරක් ගමන් කිරීමට හැකි වූ බවද ප‍්‍රදේශවාසියෙකු පවසා තිබෙනවා.

නමුත් දැඩි අඳුර, අධික රශ්මිය හා හුස්ම ගැනීමට ඇති අපහසුව හේතුවෙන් ගම්මාසින් එහි නොගිය බව ද ඔවුහු පවසා තිබෙනවා. එම ස්ථානය භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ පරීක්‍ෂාවට ලක්ව ඇති අතර එය ස්වාභාවික නිර්මාණය වූවක් ද නැද්ද යන්න පිළිබදව ඉදිරියේදී පර්යේෂණයක් සිදු කිරීමට නියමිතය.

Related posts

USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවින්ට දීමනාවක්

Admin

සීඅයිඞීය කරන්නාගොඩගෙන් පැය 8 ක් ප‍්‍රශ්න කරයි

colombotoday

Breaking News: රන්ජන් අත්අඩංගුවට

colombotoday

සහල් මාෆියාව පිටුපස ඉහළම තැනක බලවතෙක් – ගොවිජන සම්මේලනය හෙළිකරයි

colombotoday

ජනපති ගෙදර යයි.. දුමින්ද අතුරුදන්.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු හැදිල්ල හබක් !!

colombotoday

ණයට ගන්න එපා. රජයේ විදයම් කපා හරින්න – ජනපතිගෙන් උපදෙස්

Admin