Colombo Today Local News

“අගමැතිට ඕන විදිට ETCA අත්සන් කරන්න දෙන්නෑ“ – ශ්‍රීලනිපය නිළ විරෝධය දක්වයි

Slupfaඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් (ETCA) අත්සන් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන පරිදි ඔහුට උවමනා ලෙස ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

භාණ්ඩ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් නැතත් වෘත්තිකයන් සම්බන්ධයේ කිසිදු එකගතාවක් ශ්‍රීලනිපයේ නැතැයිද ඔහු පැවසීය.

අගමැතිතුමන්ගේ ප්‍රකාශය අවසන් තීරණය නොවබව කී ඇමතිවරයා, මහ බැංකු අධිපතිවරයාගේ සිදුවීමේදී අගමැතිවරයා දැරූ මතය පරාජය වූ බවද සිහිපත් කලේය.

මෙම වසර අවසන් වීමට පෙර ඉන්දියාව සමඟ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට (ETCA) අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‘ඉන්දීය ආර්ථික සමුළුවේ’ මුඛ්‍ය දේශනය පවත්වමින් ඊයේ කියා සිටියේය.

Related posts

අමාත්‍යධුරයක් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කර නැ | මෛත්‍රීගේ කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ

Admin

අමාත්‍යාංශ දෙකක ට නව ලේකම්වරු

colombotoday

ඇති තරම් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයට සැප වාහන 7ක් ගනී.. වියදම නම කෝටිය පනී

colombotoday

සුනාමි කලුවා – මීගොඩ චව්වා සහ බඩෝවිට වසා පොලිස් දැලේ

colombotoday

කුරාණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණයට

colombotoday