Colombo Today Local News

කිලිනොච්චි කොටි මූලස්ථානය නැවත බාරදී හමුදාව ඉවත්වෙයි

kilinocchi-ltteකිලිනොච්චි කොටි මූලස්ථානය නැවත බාරදී හමුදාව ඉවත්වෙයිකොටි සංවිධානයේ ප්‍රධානතම කේන්ද්‍රස්‌ථානය වූ කිලිනොච්චියේ පරවිපන්ජාන් ප්‍රදේශයේ ගොඩනැඟිලිවලින් හමුදාව ඉවත් වී ඇත.

ඊළාම් බැංකුව, සාම මහලේකම් කාර්යාලය, ටොසි බුද්ධි සේවාව අරමුදල් කාර්යාලය ඇතුළු කොටි කාර්යාල රැසක්‌ ක්‍රියාත්මක වූයේ මෙම ස්‌ථානයේ සිටය.

මෙතෙක්‌ පරවිපන්ජාන්හි රැඳී සිටි හමුදාව එහි තිබූ ගොඩනැඟිලි රජයේ දිසාපතිට භාරදී ඇත. 2002 වසරේ පෙබරවාරි 21 සහ 22 ප්‍රභාකරන් සටන් විරාම ගිවිසුම අත්සන් කළේ මෙම පරවිපන්ජාන් ප්‍රදේශයේ සිටය.

පරවිපන්ජාන් ප්‍රදේශයේ සිටි ද්‍රවිඩ ජනතාව පලවාහැර කොටි සංවිධානය ඔප්පු විනාශ කර එහි ඉඩම් සිය පාලනයට ගෙන තිබේ. මෙම පරවිපන්ජාන් ප්‍රදේශයේ හමුදාව ඉවත් කිරීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් දැඩි උත්සාහයක්‌ ගෙන ඇත.

– Divaina

Related posts

ඇමති රිෂාඩ් බදියුදීන් රටින් යයි…

colombotoday

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin

“සිර්ට ඕනි විදිහට තීන්දු මම දෙන්නම්” අගවිනිසුරු ජනපතිට කියලා

colombotoday

‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් 1,184 ක් දැලේ…

Admin

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

colombotoday

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

Admin