Colombo Today Local News

කොටින්ට රැකවරණ දී හසුවූ රුකී ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශනයෙන් ප්‍රශ්න කරයි.. කැෆේ කිපේ

ruki-fernando-ltte

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙසින් පෙනී සිටින රුකී ප්‍රනාන්දු නමැත්තා ඊයේ (01) ත්‍රස්ත විමර්ෂණ ඒකකය මගින් කටුනායක ගුවන්තොටුපලේ දී රදවාගෙන ප්‍රශ්න කිරීමට ලක්කර ඇත.

මෙම ප්‍රශ්න කිරීම හෙළාදැක ඇති රංජිත් කීර්ති තෙන්නකොන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රය නමින් හදුන්වාගන්නා රාජ්‍ය නොවන සංවිධානය, මෙය පසුගිය රජය සමයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට විදින්නට සිදු වූ ගැහැට හා බලපෑම් නැවත වරක් කරළියට පැමිණීමක් ලෙස හදුන්වා ඇත. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ නාමයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් මර්ධනය කිරීම වහා නවතා දමන ලෙස එම සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.

ප්‍රබල කොටි නායකයකුව සිටි ගෝබි නමැති ත්‍රස්තවාදියා සගවා තබාගෙන රටින් පිටවීමට සහය ලබාදුන් චෝදනාව මත ත්‍රස්ත විමර්ෂය ඒකකය මගින් ඉකුත් 2014 ජූනි මසදී කිලිනොච්චියේදී රුකී ප්‍රනාන්දු නමැත්තා සහා ඔහුගේ ප්‍රධානියා වූ ප්‍රවීන් මහේෂන් නම් පූජකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පසුගිය මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට හා හමුදාවට එරෙහිව චෝදනා ගොණු කිරීම සදහා ජිනීවා ගිය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සමග රුකී ප්‍රනාන්දු නමැත්තාද සහභාගී විය.

Related posts

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 5ක පුද්ගලයින් 7649ක් පීඩාවට

colombotoday

කරණම ලෑස්තියි… රිෂාඩ්, හකීම් ජනපති සමග අවබෝධතා ගිවිසුමක්…

colombotoday

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

colombotoday

අපට සිංහල මිනිස්සු එක්ක එකට ඉන්න ඉඩ දෙන්න.. විග්නේෂ්වරන්ලාට එරෙහිව දෙමළ ජනතාව හඩ අවදි කරයි

colombotoday

ට්‍රම්ප්ගේ බදු ගැන කතාකරන්න සර්ව පාක්ෂික සමුළුවක්!

colombotoday

ජනපති පුටුවේ අසුන් ගත් සැකකරුවෙක් පොලිසියෙන් අල්ල ගනී

colombotoday